Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)

ගැටළුව

Doctor mage daruwa sathi 32n nathi una.dan masayak wenawa.mage BMI eka 25i.mahatha wadiy.masayak wela nisa bara adu kara ganna wyayama kirima sudusuda.nathnam beheth thiyanawada.

පිළිතුර

ව්‍යායාම කිරීම හානිකර නැහැ. ඔබගේ බර එතරම් වැඩි නැහැ. BMI අගය 25 අඩුවෙන් තබා ගැනීම තමයි අනුමත කරන්නෙ. ආහාර පාලනය සහ ව්‍යායම කිරීම බෙහෙත් ගැනීමට වඩා සුදුසුයි.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

waidyathumani, daruwaku apekshawen sitina kalaye wayayama kirima prasnayak weida neththam wayayama kalata kamak nedd

පිළිතුර

ව්‍යායාම කිරීම ඉතාමත් හොඳයි. මෙමගින් ඔබේ ශරීරයේ මේද ප්‍රමානය පාලනය කිරීමටත් ඔසප් චක්‍රය ක්‍රමානුකූලව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනව. නමුත් සීමාව ඉක්මවා අධික ව්‍යායාම කිරීම මගින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙන්න පුළුවන්. එවැනි අයට දරුඵල ප්‍රමාද වෙනව.

kh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mage palamu daruwa ipadi dawas 4kin nathi una.post moterm eken congenital heart disease(pulmonary atresia) kiuwa.mm LSCS Karala dan dawas 39 k withara wenawa.dawas 2k withara mokut…

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. සාමාන්‍ය ඔසප් වීමේදී පිටවන ප්‍රමානයට වඩා අධික ලෙස රතු පැහැති රුධිර වහනයක් වේ නම් රෝහල් ගතව පරීක්ෂා කරවා ගන්න.

Ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Mata dawas 28 periods wenne ne. Godak masa pahuwelath periods wenawa. Pahugiya masa wala man beheth Aran periods hadagatte.giya mase may 25 Mata periods una e wage beheth A…

පිළිතුර

ඔසප් වීම පිළිවෙලට සිදුනොවුන නිසා අවසාන වරට ඔසප්වූ දිනයෙන් පමනක් ප්‍රසූත දිනය ගනනය කිරීම නිවැරදි නැහැ. මුල් මාස 3 ඇතුලත කරන ස්කෑන් පරීක්ෂණයකින් ප්‍රසූත දිනය නිවැදිව අනුමාන කල හැකියි. ඉක්මනින් සායනයේ ලියාපදිංචි වී වෛද්‍ය වරයෙකු හමුවන්න.

di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Pregnant unata passe garbashaya shakthimath wenna monawada ganna oni kema warga?

පිළිතුර

ගර්භාෂය ශක්තිමත් කිරීමට විශේෂ ආහාර අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ප්‍රමානවත්. පෝෂණය ගැන වැඩි විස්තර මේ ලිපියෙන් බලන්න. ගර්භණී සමයේ පෝෂණය

pe*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mama birth control lesa condom pavichchi karanawa.namuth pera dina condom nomathiwa ekathu una.danma daruwaku balaporoththu wenne neha. pregnant wevida kiya bayak thiyenawa.geb gan…

පිළිතුර

ඔව්. අනාරක්ෂත සංසර්ගයෙන් පැය 72ක් ඇතුලත postinor නැමැති ඖෂධය ලබා ගැනීමෙන් ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. මෙය හැකි ඉක්මනින් ගැනීම වඩාත් උචිතයි. මෙය එක පෙත්තක් වශයෙන් දැන් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. නමැති ඖෂධය පෙති දෙකක් ලෙස තිබෙන්නේ. එය ගන්නේ නම් පලමු ප…

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mage daruwa sathi 32n nathi una.june 28wenidata masayak wenawa.masekata passe OGTT test ekak karanna kiwwa.daruwa ganna Glandin damma.man ayeth daruwek hadanna kochchara kalayak in…

පිළිතුර

රුධිර සීනි මට්ටම පරීක්ෂා කරවා ගන්න. ඉන් පසුව ෆෝලික් ඇසිඩ් දිගටම ලබා ගන්න. තව සති දෙකකින් පමන පසු දරු පිළිිසිඳ ගැනීමකට උත්සාහ කල හැකියි.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

pregnant kiyala danagaththata passe masa kiyak yanakal ekathu wenna hoda nadda?

පිළිතුර

ගර්භණී සමයේ රුධිර වහනය වැනි සංකූලතාවක් නැති නම් ලිංගික සංසර්ගයේ යෙදීම හානිකර නැහැ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න