Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)

ගැටළුව

Dr mata dana ganna puluwan da doctor meet wanna puluwan widiyak

පිළිතුර

බදාදා දින වල කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (Family Health Bureau) ඇති මදසරු බව පිළිබඳ සායනයදී මා හමු විය හැකියි. එසේ නැති නම් Asiri Central, Ninewells, Oasis, Nawaloka වැනි කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් වලදී හමුවීමට හැකියාව තිබෙනව. දිනය සහ වේලාව echannelling…

la*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dana ganna puluwanda iui kara ganna keyak withara yanawada kiyala mokoda ethakota mata salasum kra ganna puluwan ne

පිළිතුර

මෙය ප්‍රතිකාරය කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් එක වරකට රුපියල් දස දහසකට ආසන්න මුදලක් වැයවෙනව. ඔබ ප්‍රතිකාර ගන්න රෝහලෙන් විමසා වැඩි විස්තර දැන ගත හැකියි.

la*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mn me sere O/L karanawa wayasa16. hostal newathila inne. mn Leggin kalisam akka G- String ( medin patiyak thiyana) panties adinawa . A panties wata patiya yoni tho atharin yana…

පිළිතුර

කන්‍යා පටලය (hymen) යෝනි මාර්ගයේ විවරය හරහා තිබෙන තුනී පටලයක්. ඔසප් වීමේදී පිටවන රුධිරය පිටවීමට හැකි පරිදි මෙහි විවරයක් තිබෙනව. එය යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමේදී ඉරීමට හෝ ඇදීමට ලක් වෙන්න පුළුවන්. කන්‍යා පටලය ඉරීයාමකදී පමණයි රුධිර වහනයක් සිදුවන්නේ. නමුත් සමහ…

sh*** · වයස 16
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man marry karala 2year wanawa hath thama babala nha man vog doctor kanak gan bahath gaththa scene kala mukuth prashna nha qwa mata bahath walata dunna metformin dan masa5k thiss…

පිළිතුර

නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට දරු ඵල පමාවීමට හේතුව සොයා බලා එයට අනුව ප්‍රතිකාර කල යුතුයි. මදසරු බව පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න.මදසරුබව

la*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata sati 28 wenawa..mage after 2hr 75g glucose testing eka blood suger 126 tiyanawa..e pramanaya wadida..RH antibody negative tiyanawa..me gana pahadili kirimak laba denna.…

පිළිතුර

මෙය සාමාන්‍ය අගයට වඩා වැඩියි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝ විට ඔබට රුධිර සීනි මට්ටම ආහාර පාලනය කිරීමෙන් පමණක් පාලනය කිරීමට හැකි වේවි. ඔබගේ දරුවාගේ රුධිර ඝනය positive නම් දරු ප්‍රසූතියෙන් පසුව ප්‍රතිදේහ නික්ෂේපනයක් ලබා ගත යුතුයි. කලාතුරකින් ඇතිවිය හැ…

ga*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Daruwakge wadima sidu wanne sati kiyenda..mama asa tibenawa sati 29 passe kiyala..normal scan ekakin e gana bala ganna puluwanda..vog doc kenekge description ekak nathuwa altra…

පිළිතුර

දරුවාගේ වර්ධනය මුල් කාලයේ සිටම සිදු වෙනව. මෙම ප්‍රස්තාරයේ කොළ පාට ඉරෙන් දැක්වෙන්නේ දරුවාගේ බර ගර්භණී සමයේ වැඩිවෙන ආකාරයයි.වර්ධනය නිවැරදිව දැනගැනීමට නම් සති දෙකක පරතය ඇතිව ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකල යුතුයි. මෙය නාරිවේද හා ප්‍රසව වෛද්‍ය වරයෙකුගේ පරීක්ෂාවෙන් පසු…

la*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata husband akka akathu weddi godak ridenawa. sathutak leben ne . anek getaluwa husband ge suukanu arpahu aliyata anawa. a ai me nisa anagathe daruwo nolabeida.

පිළිතුර

සංසර්ගයේදී ඇතිවන වේදනාවට හේතු වෙන කරුණු ගොඩක් තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. ලිංගික එක්වීමකින් පසු ශුක්‍රතරලය කොටසක් ආපසු පිට වීම සාමාන්‍ය දෙයක්. මේ නිසා දරුඵල නැති වන්නේ නැහැ.

sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata den 11weeks wage pregnant.mang thaama VOG consult kere.meh mage dewani baba.mang hithuwe 12 weeks wage weddi doctor gaawata yanna. Mata meh tikema bath kannama appiriya…

පිළිතුර

ඔබ විජලනයට ලක් නොවන්නේ නම් දරුවාට හානියක් වෙන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයට සුළු ආහාරයක් සහ දියර වර්ග ලබා ගන්න. තදින්ම වමනය පවතීනම් එය ඖෂධ මගින් පාලනය කල හැකියි. මේ සඳහා දෙන ඖෂධ වලින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. More information on this article.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න