කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනව.
ඔසප් චක්‍රය ආරම්භ වෙන්නෙ ඔසප් වීමත් සමගයි. එතැන් සිට ඩිම්බ කෝෂ වලින් ඊළඟ මාසය තුල පිට වීම සඳහා ඩිම්බ මේරීම ආරම්භ වෙනව. ඩිම්බයක් පිට වීමට සුදුසු තත්වයට මේරීම සඳහා සාමාන්‍යයෙන් දින 14ක් පමණ ගත වෙන අතර මෙය වෙනස් වෙන්න පුළුවන්. මෙලෙස ඩිම්බය පිටවූ දින සිට හරියටම දින 14කින් ඊළඟ ඔසප් වීම සිදු වෙනව. මෙම කාල සීමාව වෙනස් නොවන නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙන්නේ ඇයගේ ඩිම්බ මේරීමට සහ පිටයවීමට ගත වෙන කාල සීමාව අනුවයි.
ශුක්‍රාණුවක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් පමණ සජීවී ව තිබීමට හැකියාව ඇති අතර ඩිම්බයක් පිටවු පසු එය දින දෙකක් පමණ සජීවී ව තිබෙනව. ඒ නිසා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවී සංසේචනය ක් සිදුවීමට ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනක දී ලිංගික එක්වීම ප්‍රමාණවත්. නමුත් පරීක්ෂන මගින් සොයා ගෙන ඇති පරිදි ගැබ් ගැනීමට වඩාත්ම වැඩි සම්භාවිතාවක් තිබෙන්නෙ ඩිම්බ පිටවෙන දිනයට (සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනය) දින 3 කට පෙර සහ දින දෙකකට පසු දින දක්වා කාලය තුලයි. ඒ නිසා ඔසප් චක්‍රයේ ඩිම්බ පිටවන දිනයට දින තුනකට පෙර දින සිට ඩිම්බ පිටවන දිනයට දින දෙකකට පසු දිනය දක්වා කාලය සරු කාලය ලෙස සලකන් පුළුවන්.
ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එයට හේතු වෙන්නෙ ඩිම්බ මේරීම සඳහා ගතවන කාල සීමාව වෙනස් වීම හෝ ඩිම්බ මේරීම සිදු නොවීමයි. එවිට ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසු නිසා සරු කාලය ගණනය කරන්න හැකියාවක් නැහැ. ඔසප් වීම ක්‍රමාණුකූලව නියමිත දින ගණනකට වරක් සිදු වේ නම් නැවත ඔසප්වීමට නියමිත දිනයට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ මේරීමට සහ පිටවීමට ගතවන කාලය වෙනස් විය හැකි නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙනව.
ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත ඇතුළු කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON