කාන්තාවකට
ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන්
බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප්
වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප්
වීම සමග ඇතිවෙන අධික රුධිර වහනයට හේතු වෙන කරුණු සහ ඉන් මිදීමට ඇති ප්‍රතිකාර ක්‍රම
පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි.
සාමාන්‍ය
කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයක් ආකාරයෙන් මසකට වරක් සිදුවෙන අතර එහිදී දින කිහිපයක්
සාමාන්‍ය රුධිර වහනයක් පවතිනව. පිටවෙන රුධිර ප්‍රමාණය සහ ඔසප්වීම පවතින දින ගණන
එක් එක් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් එම රුධිර
වහනය කාන්තාවගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වන ලෙස අධික නම් ඊට ප්‍රතිකාර ලබා
ගැනීම අවශ්‍ය වෙනව.
ඔසප් චක්‍රයේ
අවසානයේදී සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණය අඩුවීමත් සමග ගර්භාෂයේ ඇතුළත
බිත්තිය නැතිනම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමට ලක්ව ඔසප් වීම ආරම්භ
වෙනව. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් දින කිහිපයකින් අවසන් වෙන අතර සිරුරට හානිකර
ප්‍රමාණයකින් රුධිර වහනය වෙන්නෙ නැහැ. නමුත් සමහර අසාමාන්‍ය තත්වයන් නිසා රුධිර
වහනය ස්වභාවිකව නතර නොවීමට හෝ රුධිර වහනය වෙන ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. මෙයට
හේතු වන තත්වයන් නම්.
1. ඔසප් චක්‍රයේහෝමෝන ක්‍රියාවලියේ අසමතුලිත බව. සාමාන්‍යයෙන් මල්වර වීම ආසන්නයේ සහ ආර්ථවහරනයට
පෙර කාල සීමාවේ දී ස්වභාවිකව ඔසප් චක්‍රයේ හෝමෝන අසමතුලිත බවක් පවතිනව. ඒ නිසා
අධික රුධිර වහනය මල්වරවූ දැරියන් අතර සහ ආර්ථවහරනයට ආසන්න කාන්තාවන් අතර සුලබව
දක්නට ලැබෙනව. ඊට අමතරව පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) තත්වය
වැනි රෝග තත්වයන් නිසාත් මෙලෙස හෝමෝන අසමතුලිත බවක් ඇති වෙන්න පුළුවන්.
2. ගර්භාෂයතුල ෆයිබ්‍රොයිඩ් ගෙඩි පැවතීම (Fibroids). ගර්භාෂයේ මාංශ පේෂී බිත්තියේ ඇතිවෙන
ෆයිබ්‍රොයිඩ් ගෙඩි අධික රුධිර වහනයට හේතුවක් වෙන්න පුළුවන්. මෙම ගෙඩි පිහිටන
ස්ථානය සහ එ්වායේ විශාලත්වය අනුව රුධිර වහනය සිදුවෙන ප්‍රමාණය වෙනස් වෙනව.
3.ගර්භාෂයඉදිමීමට ලක්වන ඇඩිනොමයෝසිස් රෝග තත්වය (Adenomyosis). මෙම
රෝග තත්වයන තිබෙන විට ඔසප්වීම සමග අසාමාන්‍ය රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්.
4. ගර්භාෂයේ
ඇතුළත බිත්තියේ ඇතිවෙන පොලිප් (Endometrial Polyp) ලෙස
හඳුන්වන මස්දළු නිසා ඔසප්වීම සමග අධික රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්.
5. ගර්භාෂය
ආශ්‍රිත විෂබීජ ආසාදන තත්වන් ඇතිකරන (Pelvic Inflammatory
Disease) නිසා
ඔසප් වීම සමග අසාමාන්‍ය රුධිරවහනයක් ඇති වෙන්න ඉඩ තිබෙනව.
6. කලාතුරකින්
ඉහත හේතුන්ට අමතරව, රුධිර කැටි ගැසීම අසාමාන්‍ය වෙන රෝග
තත්වයන්, රුධිර කැටි ගැසීම වලක්වන ඖෂධ ගැනීම, උපත්
පාලන ලූපය, හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම වැනි හේතු නිසාත් ඔසප්වීම සමග රුධිර වහනය අධික
වීමට ඉඩ තිබෙනව. ඉතාමත් කලාතුරකින් ගර්භාෂය ආශ්‍රිත පිළිකා තත්වයන් නිසාත් අධික
රුධිර වහනය ඇතිවෙන්න පුළුවන්.
ඔබට ඔසප්
විම සමග අධික රුධිර වහනයක් ඇති බව හැඟේ නම්, මුලින්ම
ඊට හේතු වෙන රෝග තත්වයක් ඇති දැයි සොයා බැලිය යුතු වෙනව. මේ සඳහා වෛද්‍ය වරයෙකු
සමග ඔබේ ගැටළුව සාකච්ඡා කර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යදැයි තීරණය කල යුතුයි.
ගර්භාෂයේ ඇති බොහෝ රෝග තත්වයන් ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. අල්ට්‍රා
සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් මගින් ගර්භාෂයේ බිත්තියේ ඝනකම සහ එහි ඇතිවෙන ෆයිබ්‍රොයිඩ්
වැනි ගෙඩි, ඇඩිනොමයෝසිස් තත්වය, ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම වැඩිවීම
සහ එහි ඇතිවෙන මස්දළු තත්වයන් පහසුවෙන් හඳුනාපන් පළපුරුදු වෛද්‍ය වරයෙකුට හැකියාව
තිබෙනව. ඊට අමතරව රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩුදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
රුධිරයේ හෝමෝන මට්ටම් පරීක්ෂාව මගින් හෝමෝන අසමතුලිත බවක් ඇතිදැයි හඳුනා ගන්න
පුළුවන්. ඉන් පසු සුදුසු ඖෂධ ප්‍රතිකාර මගින් මේ තත්වය පාලනය කරන්න හැකියාව
තිබෙනව.
අධික
රුධිර වහනය නිසා සිරුරේ හිමෝග්ලොබින් මට්ටම විශාල ලෙස අඩුවී ඇති
අවස්ථාවක ඊට ප්‍රතිකාර ලෙස රුධිර පාරවිලයනය අවශ්‍ය වෙනව. එසේ නොමැති නම් යකඩ සහ
විටමින් වර්ග ප්‍රතිකාර ලෙස භාවිතා කරන්න පුළුවන්.
ඔසප්
වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය අඩු කරන්න වෛද්‍ය උපදෙස් මත Mefenamic
acid වැනි ඖෂධ
භාවිතා කරන්න පුළුවන්. ඔබේ ඔසප් චක්‍රයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය නම් ඊට
ප්‍රතිකාර ලෙස වෛද්‍ය වරයෙකු ඔබට උපත් පාලන පෙති හෝ වෙනත් හොමෝන ඖෂධයක් නියම කරන්න
ඉඩ තිබෙනව. මෙවැනි හෝමෝන ඖෂධ ලබා ගන්නා විට වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව නියමිත
වේලාවටම ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනව. හෝමෝන ඖෂධ නිසි පරිදි නොගැනීම නිසාත් ඔබේ
රුධිර වහනය අක්‍රමවත් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් හෝමෝන ඖෂධ අවශ්‍ය වෙන අවස්ථාවල
දිගින් දිගටම ඖෂධ ගැනීම වෙනුවට ගර්භාෂය තුල තැන්පත් කරන හෝමෝන අඩංගු ලූපයක් මීට ප්‍රතිකාර
ලෙස යොදා ගන්න පුළුවන්.
ඖෂධ ප්‍රතිකාර
මගින් රුධිර වහනය නතර කිරීමට නොහැකි අවස්ථාවල, ශල්‍යකර්මයක්
මගින් මේ සඳහා ප්‍රතිකාර සිදුකරනව. ඒ සඳහා යොදා ගන්නා සැත්කම් නම්.
1. ගර්භාෂය ඇතුළත
පරීක්ෂා කර බලන හිස්ටරොස්කොපි සැත්කම. මෙහිදී යෝනි මාර්ගය හරහා ඇතුළු කරන ඉතා
සියුම් කැමරාවක් මගින් ගර්භාෂය ඇතුළත කුහරය නිරීක්ෂණය කරනු ලබනව. ඒ අවස්ථාවේදීම
ගර්භාෂය තුල ඇති කුඩා මස් දළු සහ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට හැකියාව තිබෙනව.
ඊට අමතරව ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිළිකා තත්වයන් ඇතිදැයි පරීක්ෂා කිරීමට ජෛව සාම්පලයක්
ලබා ගන්න මේ මගින් පුළුවන්.
2.ගර්භාෂයේ
ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන මයෝමෙක්ටොමි සැත්කම. මෙම සැත්කම මගින් ගර්භාෂය ඉවත්
නොකර ෆයිබ්‍රොයිඩ් ගෙඩි පමණක් ඉවත් කිරීම සිදු කරන්නෙ. ඒ නිසා නැවත දරු පිළිසිඳ
ගැනීමට හැකියාව තිබෙනව. මෙය විවෘත සැත්කමක් ලෙස හෝ සිරුරට හානිය අවම වෙන ලෙස
ලැපරොස්කොපි සැත්කමක් ලෙස සිදු කරන්න පුළුවන්.
3. ගර්භාෂයේ
ඇඩිනොමයෝසිස් තත්වය විසිරී නොමැතිනම් ඇඩිනොමයෝමෙක්ටොමි සැත්කම මගින් ගර්භාෂය ඉවත්
නොකර එම කොටස පමනක් ඉවත් කරන්න හැකියාව තිබෙනව. මෙම සැත්කමත් ලැපරොස්කොපි ක්‍රමයට
සිදුකල හැකියි.
4. ගර්භාෂයඉවත් කිරීමේ සැත්කම. අනික් සැත්කම් ක්‍රම සුදුසු නොවන කාන්තාවන්ගේ රුධිර වහනය ස්ථිරව
නතර කිරීමට මෙම සැත්කමට හැකියාව තිබෙනව. ගර්භාෂය ඉවත් කිරීමේදී ඇතිවන වේදනාව සහ
අතුරු ආබාධ අවම වෙන ලෙස නවීන ලැපරොස්කොපි සැත්කම් ක්‍රමයට මෙය දැන් සිදු කරන්න
පුළුවන්.
ගර්භාෂයේ
ඇතුළත බිත්තියට හානිකර, ඒ මගින් රුධිර වහනය අඩු කරන Endometrial ablation සැත්කම්
ක්‍රමය. එමගින් රුධිර වහනය තරමක් දුරට පාලනය කරන්න හැකියාව තිබෙනව.
ඔබට ඔසප්
වීම සමග රුධිර වහනය අධික ලෙස සිදුවේ නම් ඒ නිසා නිරක්තිය වැනි අතුරු ආබාධ ඇති වෙන
තෙක් බලා නොසිට ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරීක්ෂණ වලට යොමු වෙන්න. ඔබට
සුදුසු පරිදි මේ තත්වය මනාව පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ප්‍රතිකාර සමග
හැකියාව ලැබෙනව. දිගින් දිගටම ප්‍රතිකාර අසාර්ථක වෙන අවස්ථාවල ශල්‍යකර්මයක් මගින්
මේ තත්වය ස්ථිරවම සුව කර ගැනීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON