හදිසි
ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන්
ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන
හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක්
නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව
ඔබව දැනුවත් තිබෙනව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ Levenogestrel
(Postinor) ඖෂධය
අනාරක්ෂිත ලිංගික එක් වීමකට පසු ලබා ගත් පසුත් ගැබ් ගැනීමකට අවදානමක් ඇති අවස්තා
පැහැදිලි කිරීමයි.
හදිසි උපත් පාලන භාවිතා කල පසුත් ගැබ් ගැනීමට අවදානම ඇති අවස්තාවන්.
1. අනාරක්ෂිත ලිංගික සංසර්ගය සිදුවී පැය 72 කට වඩා පසුව ඖෂධ ලබා ගැනීම.
දැනට ඇති නවතම වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව, මෙම ඖෂධය සාර්ථක වීමට නම් අනාරක්ෂිත ලිංගික සංසර්ගය සිදුවූ අවස්ථාවේ සිට උපරිම පැය 96ක් ඇතුළත ගත යුතුයි. හැකි ඉක්මනින් ඖෂධය ලබා ගැනීමෙන් සාර්ථකත්වය වැඩිවෙනව.
2. ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල ඖෂධ ලබා ගැනීම
මෙම ඖෂධය ක්‍රියාත්මක වෙන්නෙ කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් පිටවීම වැළැක්වීම හෝ දින කිහිපයකින් ප්‍රමාද කිරීම මගින්. යෝනි මාර්ගය තුල තැන්පත් වන ශුක්‍රාණු දින පහක පමණ කාලයක් සජීවීව තිබෙනව. නමුත් මෙම ඖෂධය මගින් ඩිම්බ පිටවීම ප්‍රමාද කරන නිසා එම ශුක්‍රාණු වලට ඩිම්බයක් සංසේචනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. කෙසේ වෙතත් ඖෂධය ලබා ගන්නා අවස්ථාව වන විට ඩිම්බයක් පිටවී තිබුණ හොත් එම ඩිම්බය ශුක්‍රාණු සමග එක්වී සංසේචනය වීම වළක්වන්න හදිසි උපත් පාලන පෙති වලට හැකියාවක් නැහැ. එවිට ගැබ් ගැනීමක් සිදු වෙන අතර ඇතිවෙන කලලය ගබ්සාවට ලක් කිරීමක් මෙම ඖෂධ නිසා සිදු වෙන්නෙ නැහැ.
3. දැනටමත් දරු පිළිසිඳ ගැනීමක් සිදුවී ඇති විට levenogestrel ඖෂධය ලබා ගැනීම.
සංසේචනය වී ඇති ඩිම්බයක් ගර්භාෂය තුල තැන්පත් වීම වැලැක්වීමට හෝ ගබ්සා කිරීමට මෙම ඖෂධ වලට හැකියාවක් නැහැ. පෙර ලිංගික එක්වීමක් නිසා සංසේචනයක් සිදුව තිබේනම් levenogestrel ඖෂධය ලබා ගැනීමෙන් ප්‍රතිඵලයක් නැහැ.
4. ඖෂධ ලබා ගැනීමෙන් පසුව නැවත අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීම.
Levenogestrel ඖෂධය ලබා ගෙන දින 5කට පමන පසුව ඩිම්බයක් පිටවිය හැකියි. ඒ අවස්ථාවේ නැවත සංසර්ගයක් සිදුවුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
5. ඖෂධය වමනය සමග පිටවීම.
ඖෂධය නිසා වමනය ඕක්කාරය වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. හදිසි උපත් පාලන පෙති ලබා ගෙන පැය 2-3ක් ඇතුලත වමනය ඇති වුවහොත් නැවත වරක් ඖෂධය ලබා ගැනීම අවශ්‍ය වෙනව.
6. අධික තරබාරු බව
කාන්තාවගේ අගය BMI 26 ට වැඩි නම් ඩිම්බ පිටවීම වැලැක්වීමට සාමාන්‍ය ඖෂධ මාත්‍රාව වන Levenogestrel 1.5 mg ප්‍රමානවත් නැහැ. එවැනි අවස්තාවක ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමට අවශ්‍ය වෙනව.
7. Enzyme inducing drugs.
අක්මාවේ එන්සයිම උත්තේජනය කරන griseofulvin, rifampicin, carbamazepine වැනි ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඩිම්බ පිටවීම සාමාන්‍ය ඖෂධ මාත්‍රාව මගින් ඩිම්බ පිටවිම වලක්වන්න බැහැ. ඒ නිසා එම ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඖෂධය වැඩි මාත්‍රාවකින් ලබා ගැනීමට අවශ්‍ය වෙනව
ඉහත
හේතු කිසිවක් නොමැතිව හදිසි උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කල අවස්ථාවක දී වුවත්
ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඒ නිසා අනාරක්ෂිත ලිංගික එක්වීම සිදුවී සති
තුනක් ඇතුලත සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදු නොවුන හොත්, මුත්‍රා පරීක්ෂාවක් මගින් ගැබ්
ගෙන ඇතිදැයි සොයා බැලීම සුදුසුයි.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON