මදසරු බවට සිදු කරන ප්‍රතිකාර අතරින් IUI ප්‍රතිකාරය ප්‍රධාන
තැනක් ගන්නව. මේ ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක පල කරල තිබෙනව. සමහර විට ඔබ මෙම ප්‍රතිකාරය ක්‍රමයට දැනටමත් යොමු වෙලා ඇති. මෙහිදී
සිදු වෙන්නෙ රසායනාගාරය තුල තේරීමකට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක්
ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි. වසර 50 කට පමණ පෙර මෙම ක්‍රමය හඳුන්වා දුන්
කාලයේදී සාර්ථකත්වය 5%ක පමණ පැවතුනත් දැන් භාවිතා කරන දියුණු ක්‍රම නිසා 30%ක පමණ සාර්ථකත්වයක්
ලබා ගන්න හැකියාව තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නෙ ප්‍රතිකාරය
අසාර්ථක වෙන්න හේතු පිළිබඳවයි.
පලමුවම IUI ක්‍රමය ඔබට සුදුසුදැයි නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍ය වෙනව. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හැමෝටම මේ ප්‍රතිකාරය සුදුසු නැහැ. ඒ පිළිබඳව පළපුරුද්දක් ඇති වෛද්‍ය වරයෙකු සියළුදේ පරීක්ෂා කර බලා මෙම ක්‍රමය ඔබට සුදුසුදැයි තීරණය කල යුතුයි. මෙහිදී සලකා බලන ප්‍රධාන කාරණා වෙන්නෙ
ඔබට IUI ප්‍රතිකාරය අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය වරයෙකු තීරණය කල පසු සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනව. මෙලෙස ලබා දෙන ප්‍රතිකාර වර්ගය අනුව IUI සාර්ථක වීමට ඇති හැකියා වෙනස් වෙනව. නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බ මේරීමට ලක් කරන විට IUI සාර්ථකත්වය වැඩි බව සොයා ගෙන තිබෙනව. ඊට අමතරව ඩිම්බ කලින් පිටවීම වැළැක්වීමට, ගර්භාෂයේ ඇතුල් බිත්තිය දරු පිළිසිඳ ගැනීමට සුදුසු මට්ටමට සකස් කිරීමට, නියමිත අවස්තාවේදී ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට වැනි කාරණා සඳහා වෙනත් ඖෂධ ලබා දෙනවා. ඩිම්බයක් මේරීමට ඖෂධ ලබා දීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක් සිදු කල යුතු වෙනව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමේ සිට දින 11-12 අතර සිදු කරනව. එහිදී ඩිම්බය වර්ධනය වෙන අවකාශයේ (follicle) විශ්කම්භය මැන බලන අතර එම අගය මිලි මීටර් 18කට වඩා වැඩිනම් ඩිම්බය පිටවීමට සුදුසු මට්ටමට මෝරා ඇති ලෙස සලකනව. ඒ බව දැන ගත් පසු, IUI සිදු කිරීමට වේලාව තීරණය කල හැකියි. ස්වභාවික ලෙස ඩිම්බයක් පිටවෙන්නෙ ඔසප් චක්‍රයේ 14 වන දින ආසන්නයේදීයි. මෙයට උත්තේජනය කරන්නෙ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන LH නම් හෝමෝනය මගිනුයි. ඩිම්බයක් හොඳින් මේරූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් මෙම හෝමෝනය විශාල ප්‍රමාණයක් එකවර පිටවෙනව. මෙය LH surge ලෙස හඳුන්වන අතර, එම හෝමෝන පිටවූ වෙලාවේ සිට ඩිම්බය පිටවීමට සාමාන්‍යයෙන් පැය 36ක් පමණ ගත වෙනව. මෙලෙස හෝමෝන මට්ටම වැඩි වෙන වෙලාව මුත්‍රාවල LH හෝමෝන පරීක්ෂා කිරීමෙන් හඳුනා ගන්න දැන් පුළුවන්. ඒ සඳහා මුත්‍රා පරීක්ෂණ LH STRIPS භාවිතා කල හැකියි. ස්වභාවිකව හෝමෝන වැඩි වෙන වෙලාව නිවැරදිව බලා ඒ සමග ඩිම්බ පිටවීමට ඖෂධ ලබා දීම මගින් IUI සිදු කරන අවස්ථාවේදී ඩිම්බය නිවැරදි වේලාවට පිටවෙන බව තහවුරු කර ගන්න පුළුවන්. එලෙස ඩිම්බය පිටවෙන විට උදරයේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් නැවත ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය පිටවී ඇති බව තහවුරු කර ගන්න හැකියාව තිබෙනව.
ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම සඳහා හෝමෝනය නික්ෂේපණයක් ලෙස
භාවිතා කරනව. මෙලෙස භාවිතා කරන ඖෂධ වර්ගය සහ මාත්‍රාව අනුව ඩිම්බ නියමිත වේලාවට
පිටවීම තීරණය වෙන නිසා එයත් IUI
සාර්ථක වීමට බලපානව.
තාක්ෂණික දියුණුවත් සමග රසායනාගාරයේදී ශුක්‍රාණු නිසි ලෙස
සැකසීමේ ක්‍රියාවලිය විශාල ලෙස වෙනස් වී තිබෙනව. ඒ නිසා නවීන පහසුකම් සහිත රසායනාගාරයක්
තුල ප්‍රමිතියෙන් උසස් උපකරණ සහ අවශ්‍ය තරල වර්ග (sperm processing media)
යොදා ගෙන ශුක්‍රාණු සැකසීම සිදු කරන විට සාර්ථක වීමට ඇති හැකියාව ඉහල යනව.
මේ සියළුම කරුණු වලට අමතරව ඉතා වැදගත් දෙයක් තමයි මෙම ප්‍රතිකාරය
සිදු කරන ආකාරය. පලපුරුදු වෛද්‍ය වරයෙකු විසින් ගර්භාෂය සංකෝචනය නොවෙන ලෙස සියුම්
නාලයක් ගැබ් ගෙල තුලින් ඇතුළු කර ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නෙ.
මේ අවස්තාවේ ගර්භාෂය සංකෝචනය වීම උත්තේජනය වුවහොත් ශුක්‍රාණු නැවත පිටතට පැමිණීමට
හැකියාවක් තිබෙනව. මේ සඳහා ප්‍රමිතියෙන් උසස් IUI catheter එකක් භාවිතා
කිරීම අත්‍යවශ්‍ය කරුණක්.
IUI සිදු කිරීමේදී විශාල තරල ප්‍රමාණයක්
යොදා නොගෙන ගර්භාෂය තුල පමණක් ශුක්‍රාණු තැන්පත් කිරීමට සැලකිලිමත් වීම වැදගත්. එසේ
නොවුන හොත් පිටතින් ඇතුළු කරන තරලය පැලෝපීය නාල වලට ඇතුළුවී විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුවහොත්
නැවත ගැබ් ගැනීමට නොහැකි ලෙස පැලෝපීය නාල අවහිර වීමට පවා අවදානමක් තිබෙනව. IUI තරම්
සාර්ථක නොවන පැලෝපීය නාල තුලට ශුක්‍රාණු ඇතුළු කරන fallopian tube sperm perfusion
ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ. IUI
සිදු කරන අවස්ථාවේ ගැබ් ගෙල හරහා විෂබීජ ආසාදනය වීම වැළැක්වීම
සඳහා සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනව.
සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට පසුව විනාඩි 15ක පමණ
කාලයක් උඩුබැලි අතර වැතිර සිටීම මගින් IUI
සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව.
ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන
මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනව. මේ නිසා ගර්භාෂය තුල තැන්පත් වෙන කලලය රඳවා ගැනීමට
හැකියාව ලැබෙනව. මෙම හෝමෝන මට්ටම නියමිත ප්‍රමාණයට නොමැති නම් කලලය මුල් අවස්ථාවේදීම
පිටවීමට අවදානමක් ඇති බැවින් IUI
ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති ලබා දීමක්
සිදුකරනව.
මෙලෙස නියමිත ප්‍රමිතියෙන් IUI යුතුව
සිදු කිරීම මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON