Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ඩොක්ටර් ශුක්‍රානු ඇතුල් කරාට ඔක්කොම එලියට එනවා ඒ ඇයි ඩොක්ටර්

පිළිතුර

එය සාමාන්‍ය තත්වයක්. සංසර්ගයෙන් පසු ශුක්‍ර ද්‍රවයෙන් කොටසක් නැවත පිටතට ඒම ස්වාභාවිකයි; ශුක්‍රාණු විනාඩි කිහිපයක් ඇතුළත ගර්භාෂය තුලට ගමන් කරන නිසා පිටතට එන දියරය නිසා ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

Ch*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

සිසර් සැත්කමකින් පසු අවුරුදු 1 ගැබිගැනිම සුදුසුද

පිළිතුර

සිසේරියන් සැත්කමකින් පසු ඊළඟ ගැබ් ගැනීම සඳහා අවම වශයෙන් මාස 12 ක්වත් ගත වීම සුදුසුයි. ඊට පෙර ගැබ් ගත්තොත් ශල්‍ය කැපුම ඉරී යාමේ අවදානම මදක් වැඩියි; එවිට ප්‍රසූතිය නැවත සැත්කමකින් කිරීමට සිදු වෙනවා.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata maseta period unath eka dawasai wenne vog doctor kenekta pennuwa doctor kiuwa මුකුත් na pashnayak na kiyala eth mata bayai le aduwen yana nisa.mm mary karala na

පිළිතුර

ඔසප් වීම මාසිකව නියමිත කාලයට සිදුවේ නම් ලේ අඩුවෙන් යාම හෝ එක දිනකින් නතර වීම ගැටළුවක් නොවෙයි. එයින් පසුව දරුවන් ලැබීමටත් බාධාවක් වෙන්නේ නැහැ. ඔබව පරීක්ෂා කළ වෛද්‍ය වරයා පැවසූ පරිදි මේ ගැන බිය විය යුතු නැහැ.

Hi*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Miss man marry karala masa 6 k wenawa. Babek hadanna godak asawen inne. Eth thama hari giye naha. Mage husband ta podi kaledi kambul gaya ha sarampa kiana roga deka hadila thienawa…

පිළිතුර

කුඩා කාලයේ කම්මුල්ගාය සෑදීම නිසා දරුවන් නොලැබී යන්නේ නැහැ; එය බලපාන්නේ කලාතුරකින්, වෘෂණ කෝෂ ඉදිමුනා නම් පමණයි. වසරක් උත්සාහ කර බලන්න.

Ma*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,මගේ වයස 32යි. තවම විවාහ වෙලා නෑ. මාස කීපයක් මගේ periods regular වුනේ නැති නිසා මම 2020 නොවැම්බර් මාසයේ ඉඳන් බෙහෙත් ගන්නවා.මුලින්ම මට Femilon දුන්නා. 2020 දෙසැම්බර් මාසයේ ඉඳන…

පිළිතුර

මෙම පෙති වලින් ඔසප් වීම ක්‍රමවත් වෙන්නේ ඒවා ගන්නා කාලයේ පමණයි. පෙති නිසා අලුතින් රෝම වැවීම අඩු වුනත් දැනට ඇති රෝම ඉවත් වෙන්නේ නැහැ; ඒ සඳහා ලේසර් ප්‍රතිකාරය පියයුරු අවටත් කළ හැකියි. බර වැඩි නම් බර අඩු කර ගන්න. මේ තත්වය විවාහයට හෝ දරුවන් ලැබීමට බාධාවක් නොවෙයි.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata september 27 mensas una. Mata october 2 bade kekkumak heduna. Yati bada ridenava. Bada 2 peththa ridenava. Kakul ridenava. Mama UFR ,FBC,CRP parikshana kara. Eva normal…

පිළිතුර

ඔසප් වීමෙන් දින කිහිපයකට පසු ඇති වූ මෙම වේදනාව ගැබ් ගැනීමක් නිසා නොවෙයි; ගර්භණී ලක්ෂණ ඔසප් වීම ප්‍රමාද වීමට පෙර ඇති වෙන්නේ නැහැ. වේදනාව දිගටම පවතී නම් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. ඊළඟ ඔසප් වීම ප්‍රමාද වුවහොත් මුත්‍රා පරීක්ෂා කරන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

Mage yati bade adika wedanawa athi wenwa danata masa dekaka idan mama daruwek balaporthuwen einne .ekkata me yati bade kakumai gataluwak wevida.

පිළිතුර

මාස දෙකක් තිස්සේ පවතින යටි බඩේ වේදනාවට හේතුව සොයා බැලිය යුතුයි. එන්ඩොමෙට්‍රියෝසිස්, ඩිම්බ කෝෂ ගෙඩි හෝ ආසාදන වැනි තත්ව ගැබ් ගැනීමටත් බලපාන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.

Di*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

මම අවුරැදු වපහක් තිස්සේ මානසික වෙෙද්ද වරියකගෙ උපදෙස් මත Veniz xr 75 වන බෙහෙත් එක පාවිච්චි කරනව.මම දැන් ගැබ් අරන් සති පහයි.මට මේ බෙහෙත් එක නවත්වගන්නත් බැහැ.මෙයින් දරැවට බලපැමක් සිදු…

පිළිතුර

මෙම ඖෂධය ඔබේ කැමැත්තට නවත්වන්න එපා. ගැබ් ගෙන ඇති බව ඔබේ මානසික රෝග වෛද්‍ය වරියට ඉක්මණින් දන්වන්න; ගර්භණී කාලයට සුදුසු පරිදි ඖෂධය තීරණය කරන්නේ ඇයයි.

සු*** · වයස 36
පිළිතුර කියවන්න