VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata lingikawa hasireemata asawak naha we ai doctor Mata kisima lingika asawak denne naha ai doctor ee
ලිංගික ආශාව අඩු වීමට මානසික ආතතිය, වෙහෙස, සහකරු සමග ඇති ගැටළු, එක්වීමේදී ඇතිවෙන වේදනාව සහ සමහර ඖෂධ වැනි හේතු රාශියක් බලපානව. බොහෝවිට මෙය සිරුරේ රෝගයක් නොවෙයි. මෙය දිගටම පවතී නම් වෛද්ය වරයෙකු හමුවී කතා කරන්න.
සුද යාමේදී බඩ ප්රදේශයේ වේදනාවක්,කොර වීමක් සිදුවේ ද?සුද යාමට ඔසු ගැනීමේ දී ඔසප් වීම නියමිත දිනට නොවී කල් යයිද ?
සාමාන්ය සුදු යාමෙන් බඩේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සුදු යාම සමග යටි බඩේ වේදනාවක්, ගඳක් හෝ උණක් ඇත්නම් එය ආසාදනයක් විය හැකි නිසා පරීක්ෂා කරවා ගන්න. ආසාදන සඳහා දෙන ඖෂධ නිසා ඔසප් වීම ප්රමාද වෙන්නේ නැහැ.
Dr. ශුක්රාණුවක රෙදි කැබැල්ලකදී ආයු කාලය කොපමණක් වේද..? මා සහ මගෙ පෙම්වතිය අතින් ස්වයං වින්දනයේ යෙදුනෙමු. එහඉදී ඇගේ යට ඇදුමේ මගේ ශුක්රාණු පහ කලේය. ඇය එය නැවත ඇදගෙන තිබුනි. ඉන් ඇයව…
ගැබ් ගැනීමට සජීවී ශුක්රාණු යෝනි මාර්ගය තුළට ඇතුළු විය යුතුයි. රෙදි මත වියළෙන ශුක්රාණු ඉක්මණින් මිය යන නිසා මෙලෙස ගැබ් ගැනීමට ඇති ඉඩ ඉතා අඩුයි. ඔසප් වීම ප්රමාද වුවහොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
2021.10.05 dina meshas haduna kawada idanda saru dawas patan ganne. Mata thiyena gataluwa garbase dimba morala madikama nisha dokta kenekgen dan masha 2k beheth biuwa ath thama har…
දින 28ක චක්රයක් නම් සරු කාලය ඔසප් වීම ඇරඹි දින සිට 11 සිට 16 දක්වා දිනයි. ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා විට එක්විය යුතු දින ස්කෑන් පරීක්ෂණය අනුව වෛද්ය වරයා පවසයි. කැසීමක් හෝ ගඳක් නැති සුදු යාම රෝගයක් නොවෙයි; එයින් ගැබ් ගැනීමට බාධාවක් නැහැ.
White Infection simce 05 years and please inform that Dr. Chaminda Mathota consulting in Asiri Hospital Kandy or any other VOG consulting in Asiri Hospital Kandy
Vaginal discharge by itself is normal and needs no treatment. If there is itching, burning or a bad smell, it needs an examination and treatment for infection.
doctor mm marry karala inne.dent masa 2ka kalayaka idan mge yoni margya ashrithawa innan hadil thynawa nitharm wge kasanawa docter knk hmu wela cream ekk dunn ek gewta wensk nh wed…
යෝනි මාර්ගය අවට ඉන්නන් ඇති වෙන්නේ වෛරසයක් නිසයි; ඒවා අතින් ගලවන්න එපා. ක්රීම් වලින් සුව නොවේ නම් වෙනත් ක්රම වලින් ඉවත් කළ හැකියි. මෙය එක්වීමෙන් බෝවෙන නිසා සැමියාත් සමග වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ගන්න.
Doctor, mage duwata wayasa awurudu5i duwa sesar karala gaththe. thawa babek balaporoththu wen inne. Mata piriyad nawathune agust12 urine test negetu. Kisima wenasak ne. Thama piriy…
සතියකින් පමණ නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දිගටම ඔසප් වීම සිදු නොවේ නම් වෛද්ය වරයෙකු හමුවන්න.
Mata aurudu 2k athulatha miscarriage 2k una.oalaweni eka masa3n .anika sathi 2n.dan anthima warata siduwee masa 5k.mn me masa nawatha daru pilisida ganimak unoth ema gaba aeaksha k…
ගබ්සා වීම් දෙකක් සිදු වී ඇති නිසා නැවත ගැබ් ගැනීමට පෙර විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී හේතු සොයා බලන්න. ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න. දින 28ක චක්රයක සරු කාලය 11 සිට 16 දක්වා දිනයි.