Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mn sathi 9ka pregnant kenek.mage scan eken kiwa baba wardanaya wela madi kiyala..dr mata monada mekata karanna puluwan

පිළිතුර

මුල් කාලයේ ස්කෑන් සති ගණන අඩු වීමට බොහෝවිට හේතුව ගැබ් ගැනීම ප්‍රමාද වී සිදු වීමයි. ඒ සඳහා ඔබට කළ හැකි දෙයක් නැහැ. සති දෙකකින් පමණ නැවත ස්කෑන් කර වර්ධනය බලා ගන්න.

Ha*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata dan awruddak vage idala osap venne masa 3n 3ta vage mage bara 70kg mage badath anna anna loku venava vage danenava doctor beheth ganna giyama kiwwa bade tel nisa dimbakosh…

පිළිතුර

මෙයට හොඳම ප්‍රතිකාරය බර අඩු කර ගැනීමයි. දිනපතා ව්‍යායාම කර පිෂ්ටය, සීනි සහ තෙල් සහිත ආහාර අඩු කරන්න. බර අඩු වන විට ඔසප් වීම ක්‍රමවත් වෙනව. https://vog.lk/bmi.php

Sa*** · වයස 18
පිළිතුර කියවන්න
ගැටළුව

මීට වසර 20 කට කලින් ලග ලග සීසර් සැත්කම් 2 කට ලක්වීම නිසා දියනොවන මැහුම් ඝර්භාෂයට දමා ඇත. දැන් උකුලේ වම්පස කොරවී ඇත.වම්පස පාදයද වේදනාව ඇත. උපදෙසක් පතමි.

පිළිතුර

වසර 20කට පෙර කළ සිසේරියන් සැත්කම් වල මැහුම් නිසා දැන් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඉකිලියේ හිරිවැටීම සහ පාදයේ වේදනාව බොහෝවිට කොන්දේ ස්නායුවක් තෙරපීම වැනි වෙනත් හේතුවක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ඉන*** · වයස 49
පිළිතුර කියවන්න
ගැටළුව

Doctr mata kalin mensus msa 2kta 3kata serayak une ita psse ultra sound scn ekak kala ekedi mge dimba mornne kiyla thma kiwe mta msa 6k diane 35 tblt eka bnna dunna msa bila iwra u…

පිළිතුර

මෙයට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීමයි. පෙති වලින් ඔසප් වීම ක්‍රමවත් වෙන්නේ ඒවා ගන්නා කාලයේ පමණයි. මාස තුනකට වරක්වත් ඔසප් වීම සිදුවේ නම් දරුවෙකු අපේක්ෂා නොකරන තාක් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. බර වැඩි නම් බර අඩු කර ගන්න. විවාහයෙන් පසු දරුවෙකු අපේක්ෂා කර…

Ma*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage kalin Baba Mita aurudu ddekakata kalin miscarriage una ita passe api normal ekathu wela baluwa eth Hari giye nathi nisa kaasal hospital eken beheth karanawa dimba moran…

පිළිතුර

එන්නතෙන් පසු ඩිම්බය පිටවෙන දිනවල සුළු බඩේ රිදීමක් ඇතිවීම සාමාන්‍යයි. දින දෙකක් එක්වීම මග හැරීම ගැටළුවක් නැහැ. වේදනාව වැඩි වේ නම් ඔබේ වෛද්‍ය වරයා හමුවන්න.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor මම දැනට සති 20ක ගැබිණියක්. නමුත් මට තවම වමනේ යනවා. දැන් දවස් 2ක් ඉදන් වමනේ යද්දී ලේ එක්ක යනවා. ලේ වමනේ යන එක මට බයයි Doctor. ඒක මගේ කුසේ සිටින දරුවට ප්‍රශ්නයක් වේවිද. මෙය මග…

පිළිතුර

වමනය සමග ලේ යනවා නම් ප්‍රමාද නොවී රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. නිතර වමනය යාම නිසා උගුරේ ඇතිවෙන සුළු සීරීමකින් ලේ එන්න පුළුවන්; එයින් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් සති 20දීත් වමනය පැවතීම සහ ලේ යාම ගැන හේතුව සොයා බැලිය යුතුයි.

##*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mage Baba podi man ay pregnancy wela wage mn beluwa eka lawata wage pennanawa thawam katte Mata ekata visaduwak kiyannako apita godk apahasu thawayak Inna thanak wath neha thawa la…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයකින් ගැබ් ගැනීම තහවුරු කර ගන්න. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ප්‍රසූතියෙන් පසු දිගුකාලීන උපත් පාලන ක්‍රමයක් යොදා ගන්න.

Ac*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Man unmarried doctor mata overy cyst enawa dan 3 parak oparation kala.dan ayeth awith doctor.eka doctor kenek eka overy ekak ain karamu qwa doctor.mata bayai doctor.man mokakda kar…

පිළිතුර

නැවත නැවත ඇතිවෙන ගෙඩි බොහෝවිට එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවෙන ඒවායි. බොහෝවිට ඩිම්බ කෝෂය ඉතිරි කර ගෙඩිය පමණක් ඉවත් කළ හැකියි; එය තීරණය කළ යුත්තේ පරීක්ෂා කිරීමෙන් පසුවයි.

Pr*** · වයස 26
පිළිතුර කියවන්න