VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor , Clitoris එකෙහි මසකට වරක් තුවාල විමක් නිසා වෛද්යවරයකු මුණගැසුණි ... Libia majora අවට කැසිම් තත්වයක්ද තිබුනි ... එහිදිි candidiasis කියලා candid vaginal tablet එක ලබා දුන්න…
කැසීම නැවත ඇති වී තිබේනම් දිලීර ආසාදනයක් දැයි පරීක්ෂා කරවා ප්රතිකාර ගත යුතුයි. සැමියාටත් ලක්ෂණ තිබේනම් දෙදෙනාටම ප්රතිකාර අවශ්යයි. මෙය දරුවාට බලපාන්නෙ නැහැ. ආසාදනයක් නොමැති නම් කපු යට ඇඳුම් භාවිතා කර එම ප්රදේශයට සබන් යෙදීමෙන් වළකින්න.
Doctor , mage ammage aiyge putha ekka afair ekak thiyanwa.mage amma thaththath nena massina.. Ape wiwahayen babalata prashnayak athi weida..me sadaha prathikara thiyanwada..Afair e…
ලේ ඥාතීන් අතර විවාහයේදී දරුවන්ට ජානමය රෝග ඇතිවීමේ අවදානම සාමාන්යයට වඩා තරමක් වැඩියි, නමුත් බොහෝ දරුවන් නිරෝගීව උපදිනව. මෙය වළක්වන ප්රතිකාරයක් නැහැ. තැලසීමියාව වැනි පවුලේ තිබෙන රෝග සඳහා විවාහයට පෙර දෙදෙනාම රුධිර පරීක්ෂණ කර ගැනීම සුදුසුයි.
asprin pethi bawithaya magin abortion weemata awasthawak thiyenawada
නැහැ. ඇස්ප්රින් නිසා ගබ්සාවක් වෙන්නෙ නැහැ. වෛද්ය උපදෙස් මත ගැබිනි කාලයේ අඩු මාත්රාවෙන් ඇස්ප්රින් ලබා ගැනීම දරුවාට හානියක් නැහැ.
Lingikawa ekwimen pasu bleed wenawa period siduwenawa wage. Le samaga siwiyak wage galawi yanawa.Mata pcos tiyenawa.period wannet masa 3k 4k giya pasuwai. Ewita masayak pamana blee…
එක්වීමෙන් පසු ලේ යාමට හේතුව දැන ගැනීමට ගැබ් ගෙල පරීක්ෂා කර බැලීම අවශ්යයි; ස්කෑන් පරීක්ෂණයකින් එය පෙනෙන්නෙ නැහැ. මාස ගණනකට පසු දිගු කලක් ලේ යාම පොලිසිස්ටික් ඕවරි තත්වයේදී ඩිම්බ පිට නොවීම නිසා ඇතිවෙන්නක්; එයට ප්රතිකාර තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවන…
Doctor mata suda yame lede thiyenava .samahara velavata yati badai,sandi,ridenava.meka bayanakaid ?
සුද යාම රෝගයක් නොවෙයි; සෑම කාන්තාවකටම එය තිබෙනව. කැසීමක් හෝ දුර්ගන්ධයක් නොමැති නම් ප්රතිකාර අවශ්ය නැහැ. යටි බඩේ සහ සන්ධි වල වේදනාව එයට සම්බන්ධ නැහැ.
සුද යාම සිදු වන්නේ කන්යාභාවය අහිමි කාන්තාවන්ට පමනද?
නැහැ. සුද යාම සෑම කාන්තාවකටම සිදුවෙන සාමාන්ය දෙයක්; එහි ප්රමාණය වරින් වර වෙනස් වෙනව. එයට කන්යාභාවය සමග කිසිම සම්බන්ධයක් නැහැ. කැසීමක්, දැවිල්ලක් හෝ දුර්ගන්ධයක් නොමැති නම් ප්රතිකාර අවශ්ය නැහැ.
කන්යා පටලය හදා ගන්න
කන්යා පටලය නැවත සකස් කිරීමේ සැත්කම අනවශ්ය දෙයක්; එය සාමාන්යයෙන් සිදු කරන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්යා පටලයක් නැහැ, පළමු එක්වීමේදී ලේ යාමත් අනිවාර්ය නැහැ. https://vog.lk/182-hymen-virginity.php
Dear Sir, I'm an unmarried girl. Since, I was age attend I faced irregular period. But last 3 months every day bleeding diffrent colours.. And regular pain in left side of the hip…
Bleeding every day for three months is not normal. It is usually a hormonal imbalance that can be controlled, but it needs an examination, a scan and blood tests including your thyroid level. Please see a gynaecologist.