Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. මට අවු.6ක දරුවෙකු සිටිනවා.අවුරුදු දෙක්ක පමණ කාලයක සිට මා දෙවන වරට දරුවෙකු බලාබලාපොරොත්තු වෙනවා.පලමු දරුවා ලැබීමට හිතපු මාසයේම මා ගර්භනී වූවා.එහෙත් ගර්භයට මාස 3ක් පමණ වන විට මා…

පිළිතුර

එක් ඩිම්බ කෝෂයක් පමණක් තිබුණත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයත් පැලෝපීය නාල අවහිර වී ඇතිදැයි බැලීමත් අවශ්‍යයි. ඒ අනුව ප්‍රතිකාර තීරණය කළ හැකියි.

ලක*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මගේ පියයුරු වල ඉරිතැලීමක් වගේ තියෙනවා .. ඒ සදහා ප්‍රතිකාරයක් තිබේද ?

පිළිතුර

කිරි දෙන මවකගේ තන පුඩු ඉරිතැලීම බොහෝවිට සිදුවෙන්නෙ දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ නොවීම නිසයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී කිරි දෙන ඉරියව්ව නිවැරදි කර ගන්න. කිරි දෙන්නෙ නැති නම් සමේ රෝගයක් දැයි වෛද්‍ය වරයෙකුට පෙන්වන්න.

Ha*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn marry karala 1 and half years. Api babek hadanna try karanna aran 3 months iwarai. Mn marry karanna kalin mage periods regular thibuna. But marry karala yasmin birth cont…

පිළිතුර

පෙති නැවැත්වූ පසු ඔසප් චක්‍රය ක්‍රමවත් වීමට මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්; ඔබේ චක්‍රය දැන් සාමාන්‍යයි. LH strips හැමවිටම නිවැරදි නැහැ. සතියකට දෙවරක් පමණ එක්වීම ප්‍රමාණවත්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

Mata giya aurudde babek lebuna.nomeru babek eya nethi una.masa 3ta dipo ekak vidda.eka iwara welath den masa 5k vithara wenawa.ane waiddathumani mata thama babek hedune nehene

පිළිතුර

ඩිපෝ එන්නත නැවැත්වූ පසු නැවත ගැබ් ගැනීමට මාස කිහිපයක්, සමහරවිට අවුරුද්දක් පමණ ගත වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. අවුරුද්දක් ගත වීත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.

Se*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

මිතුරි පෙති පාවිච්චි කරනව අවුරුදු දෙකක් තිස්සෙ ...මම ඒකෙ කහ පෙති 21 බීල දුබුරුපෙති නොබී නැවත අලුත් කාඩ් එකක් අරන් කහ පෙති විතරක්ම බොනව.හැමදාම එහෙම කරද්දි මෙන්සස් හැදෙන්නෙ නෑ ඒකයි එ…

පිළිතුර

දුඹුරු පෙති නොබී දිගටම කහ පෙති බීමෙන් හානියක් වෙන්නෙ නැහැ. නමුත් එසේ කරන විට අතරමැද මෙලෙස ලේ යාමක් ඇතිවෙන්න පුළුවන්. කාඩ් එක අවසන් වූ පසු දින 7ක් නවතා ඔසප් වීමට ඉඩ දී නැවත පටන් ගන්න. ඉන් පසුවත් අතරමැද ලේ යාම තිබේනම් ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

doctar mama ectopic ekak wela ayin karapu kenek.karala wadi dawsak na.ett docter godak aya kiyanawa mata ayi babala hadanna bari weyi kiyala mata meka loku gataluwak mama manasikaw…

පිළිතුර

එහෙම නැහැ. එක් පැලෝපීය නාලයක් ඉවත් කළත් අනෙක් නාලය හරහා දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. ඊළඟ වතාවේ ගැබ් ගත් බව දැනගත් විගස ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ ගර්භාෂය තුළ ඇතිදැයි බලා ගන්න.

Jp*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn marry krla inne.. mata yoni margya depaththe bibili dala thynwa e wagema kasanwa...doctor ema rogi thaththwa kukamd kiyla danagnna puluwan d?

පිළිතුර

මෙය විෂබීජ ආසාදනයක් විය හැකියි. පරීක්ෂා කර බැලීමෙන් තොරව හරියටම කියන්න බැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, මට ovarian cyst එකක් නිසා දකුණු ඩිම්භ කෝෂය ඉවත් කලා මාස 3කට කලින්.මම තවම විවාහ වෙලා නෑ. මට දැනගන්න ඕනෙ අනිත් ඩිම්භ කෝෂයෙත් cyst එකක් එන්න පුලුවන් ද, සහ මේ නිසා pregnant වෙන…

පිළිතුර

එක් ඩිම්බ කෝෂයක් පමණක් තිබුණත් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. අනෙක් ඩිම්බ කෝෂයේත් ගෙඩියක් ඇති වෙන්න පුළුවන්, නමුත් එය වළක්වා ගන්න ක්‍රමයක් නැහැ. වරින් වර ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම ප්‍රමාණවත්.

හං*** · වයස 24
පිළිතුර කියවන්න