VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mage period irregular. E hinda man beheth ganna doctor knk lagata gya. Last year Mata 4 times. Me year 1 time. Mage hormone imbalance d Kyla check kraddi ehemath nehei kiwa.…
ඔබේ ලක්ෂණ අනුව පොලිසිස්ටික් ඕවරි තත්වය තිබිය හැකියි. අවුරුද්දකට එක් වරක් පමණක් ඔසප් වීම සුදුසු නැහැ; අවම වශයෙන් මාස තුනකට වරක්වත් ඔසප් වීමට ප්රතිකාර අවශ්යයි. තරබාරු නම් බර අඩු කර ගැනීම හොඳම ප්රතිකාරයයි. MRI පරීක්ෂණය ගැන ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු…
Doctor daruwek lebenna mul masa 3 n passe e daruwata thiyena asanipa balaganna, daruwa abadhithada? nirogi daruwekda? Kiyala dena ganna mona wage scene parikshanayakda karanna ona?
දරුවාගේ අවයව වල ආබාධ ඇතිදැයි බැලීමට සති 18 සිට 21 අතර anomaly scan පරීක්ෂණය කරන්න පුළුවන්. Down syndrome වැනි තත්ව සඳහා පරීක්ෂණ සති 10 සිට කළ හැකියි. ස්කෑන් පරීක්ෂණයකින් සියලු ආබාධ හඳුනා ගන්න බැහැ.
එන්ඩොමෙට්රියෝසිස් අයින් කිරීම සඳහා කරන laparascopy සැත්කම සඳහා කොපමණ මුදලක් වැය වේද
සැත්කමේ වියදම රෝහල සහ සැත්කමේ ස්වභාවය අනුව වෙනස් වෙන නිසා මෙහි සඳහන් කරන්න බැහැ. රෝහලෙන් හෝ සායනයෙන් විමසා දැන ගන්න. සැත්කම ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://vog.lk/1016-laparoscopy-endometriosis.php
විවාහ වී අවුරුදු 10යි .මම endometriosis එන්ඩ්රොමෙට්ට්රියෝසිස් කියන රෝගී තත්ත්වය පෙළෙන කෙනෙක් ,බබාලා නෑ ,බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඔසප් දින වල දරාගත නොහැකි දැඩි වේදනාවක් ඇතිවෙනව…
එන්ඩොමෙට්රියෝසිස් සම්පූර්ණයෙන් සුව කරන්න බැහැ, නමුත් පාලනය කරන්න පුළුවන්. දරුවෙකු බලාපොරොත්තු වෙන නිසා සහ ඔබේ වයස අනුව IVF ප්රතිකාරය ගැන ප්රමාද නොවී විශේෂඥ වෛද්ය වරයෙකු සමග සාකච්ඡා කරන්න. https://vog.lk/777-endometriosis.php
වෛද්යතුමනි,මට සති 24n misscarrige එකක් වුණා.එය සිදු වී දැනට මාස 7 ක් වෙනවා.මා නැවතත් pregdent වීමට උත්සාහ කළා.මා පරීකෂා කල වෛද්යතුමා පැවසුවේ මාගේ ඩිම්බ මේරී නැති බැවින් ඖෂධ ලබා ග…
ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගත් විට ගැබ් ගැනීමට හොඳ හැකියාවක් තිබෙනව, නමුත් සමහරවිට මාස කිහිපයක් උත්සාහ කළ යුතු වෙනව. සති 24දී දරුවා අහිමි වූ නිසා ඊළඟ වතාවේ ගැබ් ගත් විගස විශේෂඥ වෛද්ය වරයෙකු හමුවන්න.
Doctor mama madasaru bawayata beheth gannawa.mata clomiphene 100mg dunna.ita passe dimaba pita wenna beheth 1k vidda.mt beheth vidala sathi 2kin wage yati bada vedanawa/piyayuru ve…
මෙම ලක්ෂණ ඖෂධ නිසාත් ඔසප් වීමට පෙරත් ඇතිවෙන්න පුළුවන්; ඒවායින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. ඔසප් වීම පමා වුණොත් මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
Sukranu hema vitama pita kirima sudusuda.sharirayata ahitha karada
නැහැ. නිතර ශුක්රාණු පිටකිරීම නිසා ශරීරයට හානියක් වෙන්නෙ නැහැ. එයින් ශුක්රාණු දුර්වල වෙන්නෙත් නැහැ.
Doctor mage bade depaththa ridenawa aka nisa mama scan akak kara gaththa scan aken mata kiwwa kisi prashnayak na kiyala mata babalath na doctor. Mata beheth wagayak dunna bonna ake…
ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් වේදනාවට හේතුව පරීක්ෂා කර බැලීමෙන් තොරව කියන්න අපහසුයි. ඔසප් චක්රය අක්රමවත් නිසා ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දෙදෙනාම නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.