Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි,මට සති 24n misscarrige එකක් වුණා.එය සිදු වී දැනට මාස 7 ක් වෙනවා.මා නැවතත් pregdent වීමට උත්සාහ කළා.මා පරීකෂා කල වෛද්‍යතුමා පැවසුවේ මාගේ ඩිම්බ මේරී නැති බැවින් ඖෂධ ලබා ගෙන injection එක ලබා ගන්නා ලෙසයි..මා එය ලබා ගත් පසු ගර්භනී වීමට අවස්ථාව ලැබේද?මා හට අහිමි වුයේ මාගේ පළවෙනි බබාය.

අසන ලද්දේ: Ma*** · වයස 34

ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගත් විට ගැබ් ගැනීමට හොඳ හැකියාවක් තිබෙනව, නමුත් සමහරවිට මාස කිහිපයක් උත්සාහ කළ යුතු වෙනව. සති 24දී දරුවා අහිමි වූ නිසා ඊළඟ වතාවේ ගැබ් ගත් විගස විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.