දරු සුරුතල් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ කාන්තාවන් ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි තමා ගැබ් ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීම. එමෙන්ම ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුන අවස්ථාවකත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව.
පලමුවෙන් ම මේ බව දැන ගන්න පුළුවන් ලක්ෂණය තමයි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නොවීම. සමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව (ක්‍රමාණුනුකූල ඔසප් චක්‍රයක් ඇති). නමුත් සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවූනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීමට හැකියි.
දැනට ඖෂධහලකින් මිළදී ගැනීමට ඇති මුත්‍රා පරීක්ෂණ පටියක් (Pregnancy strip ස්ට්‍රිප්) මගින් ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම ඔබ ගැබ්ගෙන ඇති දැයි දැන ගැනීමට හැකියාව තිබෙනව. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම දිනයක අලුයම මුලින්ම පිටකරන මුත්‍රා සාම්පලයකට මුත්‍රා පරීක්ෂණ පටියක් බහාලීම පමණයි. එම මුත්‍රා පරීක්ෂණ පටියෙහි වර්ණය වෙනස් වුයේ නම් ගර්භනී බව තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීම සුදුසුයි.