VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
sir mage age 50 wife ta 41 api sex kirimade condom use karanawa condom use nokaloth pregnet wiya hekida denuth
ඔව්. වයස 41දී ගැබ් ගැනීමේ හැකියාව අඩු වුවත් ඔසප් වීම සිදු වෙන තාක් ගැබ් ගැනීමට ඉඩ තිබෙනව. දරුවෙකු අවශ්ය නැතිනම් ආර්තවහරණය වෙන තුරු උපත් පාලන ක්රමයක් දිගටම භාවිතා කරන්න. ලූපයක් වැනි දිගුකාලීන ක්රමයක් ගැනත් සිතා බැලිය හැකියි.
වයිෆ්ගේ ඩිම්බකෝශ වල ඇතිවෙලා තියෙන ගෙඩි පිලිබද ප්රශ්නයක්..අනේ ඩොක්ටව කන්ටැක් කරගන්න නොම්බරේ පුලුවන් නම් දෙන්නකෝ
දුර සිට උපදෙස් ලබා ගැනීමට වීඩියෝ මගින් හමුවිය හැකියි. https://sugabi.lk/video-consultation/ 0716921921
ඩොක්ටර් මං මැරි කරලා අවුරුදු 2ක් වෙනවා මගේ ඔසප් චක්රය ක්රමවත්..ඒත් තාම දරු පිලිසිද ගැනීමක් නැහැ...ප්රතිකාර සදහා යොමු වීමේදී ඩිම්බ මෝරන්නේ නැති බව තමා කිවේ.ස්කෑන් පරික්ශාවක් සිදු…
මේ සඳහා ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ පෙති දෙනව. ඒවා ගන්නා අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ මේරීම බලා සරු දින තීරණය කරනව. පෙති වලින් ප්රතිඵල නැතිනම් නික්ෂේපන ඖෂධ භාවිතා කරන්න පුළුවන්. බර වැඩි නම් එය අඩු කර ගැනීමත් වැදගත්. https://vog.lk/1035-anovulation.php
අවසානෙට මෙන්සස් උනෙ 7.13. මන් 7.19 marry කලා සර්. එතකොට මගෙ සරු දවස් වෙන්නෙ 7.28 වගෙ නේ. මට 8 වෙනි මාසෙ මෙන්සස් උනේ නෑ.දවස් 14කින් ලේ එකක් බැලුවා ඒක නෙගටිවෙ නිසා vog කෙනෙක් ලගට ගිය…
එම ඖෂධය නතර කර දින කිහිපයකින්, සමහර විට සතියක් දෙකක් ඇතුලත ඔසප් වීම සිදු වෙනව. එසේ නොවුනහොත් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගෙන ඇතිනම් මෙම ඖෂධයෙන් ඔසප් වීමක් ඇති වෙන්නෙ නැහැ. එයත් නෙගටිව් නම් ඔබේ වෛද්ය වරයා නැවත හමුවන්න.
doctor man 03 weni mase pregnant una. Eth sathi 06 wage weddi missed miscarriage ekak una. Scan walata enna kiwa itapasse. Ethakota kiwa wathura bibilak wage thiyenawa kiyala apahu…
බොහෝ විට ගැටළුවක් වෙන්නෙ නැහැ. දැන් ගැබ් ගෙන ඇති නිසා වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ සජීවීද යන බව සහ වෙනත් ගැටළු ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.
ඩොක්ටර් ශුක්රානු වල ලින්ගික ජාන වල විකෘති තත්වයක් පවතියහොත් එය ලින්ගික ජාන පරීක්ශාවක් මගින් සොයාගැනීමට හැකියාවක් පවතිනවාද????
රුධිර සාම්පලයකින් කරන වර්ණදේහ පරීක්ෂණයකින් සමහර ජානමය අසාමාන්යතා හඳුනා ගන්න පුළුවන්. නමුත් සියළුම ජානමය තත්වයන් කලින් පරීක්ෂා කර සොයා ගන්න බැහැ. විශේෂ හේතුවක් නැතිව එවැනි පරීක්ෂණයක් අවශ්ය වෙන්නෙ නැහැ.
ඩොක්ටර් යම් මාන්සික පීඩනයකින් මානසික ආතතියකින් දැඩි මාන්සික පීඩනයකින් එදිනෙදා වැඩක්වත් ඉගෙනගැනීමක්වත් කරගැනීමට නොහැකි තරම් දැඩි මානසික පීඩනයකින් අවුරුදු 8 ක් පමන විටින් විට සිටි පු…
නැහැ. මානසික පීඩනය නිසා ජාන විකෘති වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී ලැබෙන දරුවන්ට එයින් බලපෑමක් වෙන්නෙත් නැහැ. මේ ගැන බිය විය යුතු නැහැ.
ඩොක්ටර් ectopic pregnancy wela mage palopiyanalaya iwath karala thiyenne..? Mata agust 29 mensas deta hadenna thibune eth thama mensas une naha doctor strip chek kla ewa negative m…
ඔසප් වීම ප්රමාද වීමට විවිධ හේතු තිබෙනව. සතියකින් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එය පොසිටිව් වුවහොත් කලින් ගර්භාෂයෙන් පිටත ගැබක් ඇති වූ නිසා වහාම වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න. යටි බඩේ තද වේදනාවක් ඇති වුවහොත් වහාම රෝහලකට යන්න.