Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගෙ සුද යාමෙ වෑඩි විමක් නිසා මම vog doctor කෙනෙක් හමූ උනා.doctor scan එකක් කරලා කිව්වා මගෙ ගර්භාශයෙ තුවාලයක් හා පොඩි මස් වෑදෑල්ලක් තියෙනවා කියලා.මට බෙහෙත් මුකුත් දුන්නෙ නෑහෑ .සෑත්ක…

පිළිතුර

ගැබ් ගෙලෙහි තුවාලයක් හෝ මස් වැදැල්ලක් (පොලිප්) නිසා සුද යාම වැඩි වෙන්න පුළුවන්. මස් වැදැල්ල කුඩා සැත්කමකින් ඉවත් කර පරීක්ෂණයට යවන නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව එය කර ගන්න. සුද යාම නිසා කෙට්ටු වෙන්නෙ නැහැ.

na*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

ඔසප් විමේදි රුදිර කැට යම .දවසකට විශාල ප්‍රමාණයක් රැදිරය යනවා ඒ ඇයි .

පිළිතුර

රුධිර කැටි සමග අධික රුධිර වහනයට හෝමෝන අසමතුලිතතාව, ෆයිබ්‍රොයිඩ් හෝ ඇඩිනොමයෝසිස් වැනි හේතු බලපාන්න පුළුවන්. හේතුව දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න. https://vog.lk/1033-heavy-menstrual-bleeding.php

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man marry karala awrudu 3i. Me dan lagakadi indan mage period nikan jam wage yanne. 28 days hedunata eka dawasak wath bleed wenne na. Eth hari wedanawai

පිළිතුර

ඔසප් වීමේදී රුධිර ප්‍රමාණය අඩු වීම ගැටළුවක් නොවෙයි. නමුත් වේදනාව අධික නිසා එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කර ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න. ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂණයක් ද කර බලන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

Shukranu pitiwima parakkui

පිළිතුර

ශුක්‍රාණු පිටවීම ප්‍රමාද වීමට මානසික ආතතිය, සමහර ඖෂධ හෝ දියවැඩියාව වැනි හේතු බලපාන්න පුළුවන්. යෝනි මාර්ගය තුල ශුක්‍රාණු පිටවෙනවා නම් එය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මෙය දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama sathi27 ka gabiniyak mata scan aken kiuwa water bag ake water wadiy kiyala.suger normal.meka babata balapanawada

පිළිතුර

වතුර ප්‍රමාණය මඳක් වැඩි වීම බොහෝ විට දරුවාට හානියක් නැති තත්වයක්. OGTT පරීක්ෂණයෙන් දියවැඩියාව නැති බව තහවුරු කර, සති දෙකකින් පමණ නැවත ස්කෑන් කර බලන්න.

In*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, I m 16 weeks in my pregnancy. I took 1 tablet of vitamin c of 100mg per day since 12 weeks. But, I was given tablets of vitamin c of 500mg by a pharmacist yersterday. What is t…

පිළිතුර

Vitamin C is not needed routinely in pregnancy; a normal balanced diet gives enough. It is usually given only to help iron absorption, so take the dose your own doctor or clinic prescribed.

Sh*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ ඔසප් චක්‍රය ක්‍රමානු කුල නෑ දවස් 45/50 පස්සේ තමා ඔසප් චක්‍රය පටන් ගන්නේ මන් දැන් මාස 8 ඉදන් ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවා ඒ හරියන්නේ නැති පාර ඩිම්බ මෝරන්න පෝස්ටින් බෙහෙත් ඒක විද්දා…

පිළිතුර

සමහර අයගේ ඩිම්බ කෝෂ මෙම ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අඩුයි. බර වැඩි නම් එය අඩු කර ගැනීමෙන් ප්‍රතිචාරය හොඳ වෙනව. නික්ෂේපන මාත්‍රාව වෙනස් කිරීම හෝ ලැපරොස්කොපි සැත්කමක් වැනි ඊළඟ පියවර ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.

M.*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man hamadama menses wena date eka lakunu karanwa eth mata july mase lakunu karanna bari una.june mase 30 thamay mensas une.julyth ee dina walata kittuwa una mathakay.july ma…

පිළිතුර

ඔව්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට ඉඩ තිබෙනව. මුත්‍රා පරීක්ෂණය දෙවරක්ම පොසිටිව් නිසා එය නැවත කිරීමට අවශ්‍ය නැහැ. අවසන් ඔසප් දිනය මතක නැති වුවත් ස්කෑන් පරීක්ෂණයකින් සති ගණන නිවැරදිව දැන ගන්න පුළුවන්.

*****
පිළිතුර කියවන්න