Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, mata Denata babala dennek innawa. Ma me wana wita geb Gena sitinawa. ( masa 2). Mage babala dennama ceser sethkama kare. Mage card eke sandahan vi tibenawa "Lower segment v…

පිළිතුර

සිසේරියන් සැත්කම් ගනන වැඩි වෙද්දි අවදානම ටිකෙන් ටික වැඩි වෙනව, නමුත් තුන්වන සැත්කමක් බොහෝ විට ආරක්ෂිතව කල හැකියි. කැළල තුනී නිසා ප්‍රසව වේදනාව ඇතිවීමට පෙර සැලසුම් කල සිසේරියන් සැත්කමක් කෙරෙනව. මුල සිටම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න. බඩේ තද වේදනාවක් හෝ ලේ යාමක්…

Ni*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mge gf osap wenna dinayata, dina 4kata kalin api ekathu una,paya 5k athulatha postinor one dunna.osap wenna tybuna dineta dina 6k pahu una thamath osap une na...

පිළිතුර

Postinor ගැනීමෙන් පසු ඔසප් වීම පමා වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය සෑම විටම සාර්ථක නැහැ, විශේෂයෙන් ඩිම්බය පිටවූ පසු ගත් විට. ඔසප් වීම පමා වී ඇති නිසා මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එක්වී සති 3කට පසු එය ඍණ නම් ගැබ් ගෙන නැහැ.

Th*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnant nam dates hadenawada? Nadda?

පිළිතුර

නැහැ. ගැබ් ගත් පසු ඔසප් වීම නවතිනව. ගැබිනි කාලයේ ලේ යාමක් ඇතිවුවහොත් එය ඔසප් වීමක් නොවෙයි, වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගත යුතුයි.

W.*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dan sathiyakata pamana pera mage dimba koshaye 8.7*6.2*7cm wathura gediyak thibena bawa danagaththa.eya sep.19 iwath karana bawa docter pawasuwa.thawa dina gananak thibena nisa eya…

පිළිතුර

දින කිහිපයකදී ගෙඩිය සැලකිය යුතු ලෙස වර්ධනය වෙන්නෙ නැහැ. සැත්කමේදී ගෙඩිය පමණක් ඉවත් කර ඩිම්බ කෝෂය ඉතිරි කරන නිසා ඉදිරියේදී දරුවෙකු පිළිසිඳ ගැනීමට එය බාධාවක් වෙන්නෙ නැහැ. ඊට පෙර එක පැත්තක හදිසියේ තද වේදනාවක් ඇතිවුවහොත් වහාම රෝහලට යන්න. https://vog.lk/1015-laparo…

P.*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

mata thama masayai. Kakkuma thiyana dathak galeuwata kaman nadda

පිළිතුර

ගැබිනි කාලයේ දත් ගැලවීම ඇතුලු දන්ත ප්‍රතිකාර කිරීම දරු ගැබට හානිකර නැහැ. ඔබ ගැබිනියක් බව දන්ත වෛද්‍ය වරයාට පවසන්න.

Pr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, මට මීට අවුරුදු 4/5 කට කලින්, ඒ කියන්නෙ මට අවුරුදු 15 දි විතර එක පාරටම ඔසප් වීම අක්‍රමවත් වුනා.ඊට කලින් හැම පාරම හරියට සිදු වුනා. (මගෙ පලමු ඔසප් වීම සිදු වුනේ අවුරුදු 11 දී.…

පිළිතුර

මාස 3කට වඩා ඔසප් වීම නොවී තිබේ නම් හේතුව සොයා බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂාවක් සහ හෝමෝන පරීක්ෂණ කෙරෙනව, බොහෝ විට හේතුව PCOS තත්වයයි. මෙයට සැත්කමක් අවශ්‍ය නැහැ. බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි.

සෙ*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

මම විවාහ වෙලා අවුරුදු අටක් වෙනවා. ඒ වගේම දැනට අවුරුදු දොළහක ඉඳන් රුමටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රෙඩ්නිසිලෝන් සහ වේදනා නාශක එක දිගටම ගන්නවා. මෑත කාලයක් වෙනකම්ම ව්ද්‍ය උපදෙස් මත බබෙක් හද…

පිළිතුර

සමහර වේදනා නාශක ඩිම්බ පිටවීමට බාධා කරන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන බව ඔබේ වෛද්‍ය වරයාට පවසා ඖෂධ ගැන සාකච්ඡා කරන්න. වසරක් උත්සාහ කලත් ගැබ් ගැනීමක් නොවුනොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.

උත*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මම සතියට දවස් 3 වගේ ස්වයං වින්දනය කරනවා.එ කරන දවස් 3න් හැමදවසකම දවසට 3පාරක් ස්වයං වින්දනය කරනවා.3වෙනි පාර ස්වයං වින්දනය කරහම ශුක්‍රානූ බොහෝම අඩු ප්‍රමානයක් එන්නෙ සාමාන්‍යයෙ…

පිළිතුර

ඔව්, එය සාමාන්‍ය දෙයක්. එකම දිනයේ කිහිප වරක් ශුක්‍ර මෝචනය වූ විට පිටවන ශුක්‍ර තරල ප්‍රමාණය අඩු වෙනව. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න