Doctor, මට මීට අවුරුදු 4/5 කට කලින්, ඒ කියන්නෙ මට අවුරුදු 15 දි විතර එක පාරටම ඔසප් වීම අක්‍රමවත් වුනා.ඊට කලින් හැම පාරම හරියට සිදු වුනා. (මගෙ පලමු ඔසප් වීම සිදු වුනේ අවුරුදු 11 දී.) ඊට පසු මම ඒකට ආයුර්වේද බෙහෙත් කලා. ඒකට හරි ගියා. ඒ පාර කසාය විතරයි බිව්වෙ. පස්සෙ ආයෙත් අවුරුදු දෙකකින් විතර නැවතුනා. ආයෙත් ආයුර්වේද බෙහෙත් කරන්න ගියා. ඒ වතාවෙ කසාය එක්ක pharmacy එකෙන් බොන්න බෙහෙත් එකකුත් දුන්න. ඒ වතාවෙ dr කිව්ව ආයෙත් නැවතුනොත් pharmacy එකෙන් ඒ බෙහෙත් එක අරගෙන බොන්න කියල. ඒ බෙහෙත් එකේ නම primolut. ඊට පස්සෙ ඉදල හිටල ඔසප් වීම නැවතෙනකොට මම ඒ බෙහෙත් එක ගත්ත. මට ගිය අවුරුද්දේ මැද විතර ඉදන් ඔසප් වීම සිද්ද වුනේ නැහැ. මට dr කෙනෙක්ව හමු වෙන්නවත් යන්න බැරි උනා.(කොරෝනා තත්වය හා උසස් පෙල නිසා) මම මේ අවුරුද්දේ ජුනි මාසෙ ශල්‍ය වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගත්තා. ඔහු ලබා දුන්න බෙහෙත් වලට සතියකට විතර පසු ඔසප් වීම සිදු වුනා. ඊට පසු මාස 2ක් පමණ ගත උනත් තවම ඔසප් වීම සිදු වුනේ නෑ. සාමාන්‍යයෙන් මට ඔසප් වීම සිදු වීමේදී කිසිම අසාමාන්‍ය අපහසුතාවයක් වත්, අසාමාන්‍ය තත්වවයක්වත් ඇති වෙන්නෙ නෑ. ඔසප් වීම සිදු වුනේ නැති වුනාටත් ඇගට කිසිදු අපහසුතාවයක් නැහැ . දවස් 4කින් නවතිනව. මට තියන ගැටලුව අක්‍රමවත් බව විතරයි . මා මේ සදහා කුමක් කල යුතුද? අනාගතයේදී මේ තත්වය නිසා ගැටලුවක් ඇති වෙයිද? මෙය බෙහෙත් වලින් පමණක් සුව කරන්න බැරි තත්වයක්ද? ශල්‍යකර්මයක් සිදු කිරීමට සිදු වෙයිද ?
මාස 3කට වඩා ඔසප් වීම නොවී තිබේ නම් හේතුව සොයා බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂාවක් සහ හෝමෝන පරීක්ෂණ කෙරෙනව, බොහෝ විට හේතුව PCOS තත්වයයි. මෙයට සැත්කමක් අවශ්‍ය නැහැ. බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?