VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
වෙෙද්ය තුමනි ලිංගික අප්රනිකත්වයක් අැති වු අවස්තාවක දරුවන් සැදිමට එකතු විම කල නොහැකි නිසා.එවැනි අපහසුතා අැත්නම් දරුවන් සැදිම කරන්නේ කෙසෙද. ශුක්කානු ගෙන අප හටම නිවසේදි යෝනියට…
සංසර්ගය කල නොහැකි නම් IUI ක්රමයෙන් ශුක්රාණු ගර්භාෂයට ඇතුල් කර දරුවෙකු පිළිසිඳ ගත හැකියි. ශුක්ර තරලය යෝනිය තුලට ඇතුල් වීම පමණක් වුවත් ගැබ් ගැනීමට ප්රමාණවත්. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
My vaginal secretions lookslike cremy white&sometimes lookslike yellow and smelly.not itching or burning sensation.it's occur when on mid dates of my menstrual cycle..since 3mnths.…
Discharge by itself does not delay pregnancy. A smell suggests a bacterial infection rather than thrush, so an antifungal will not help. See a doctor for an examination and the right treatment.
doctor mata wayasa 25yi.mama mage boy ekka ekata hitiya july 28. Eda postinor 2 gaththa mama. Mata July 30 wenida bleed una eka dawas 4k wage thibuna. Bleed wenakota api ayeth 5 we…
Postinor ගැනීමෙන් පසු ඔසප් වීම කලින් හෝ පමා වී සිදුවීමත්, ප්රමාණය අඩු වීමත් සාමාන්ය දෙයක්. ඊට ප්රතිකාර අවශ්ය නැහැ. සැකයක් තිබේ නම් අවසන් වරට එක්වී සති 3කට පසු මුත්රා පරීක්ෂණයක් කරන්න, එය ඍණ නම් ගැබ් ගෙන නැහැ.
Dr. මා නිවසෙ රැදී සිටි අවස්ථාවක ලිංගික අතවරයට මුහුණ දීමට සිදුවිය . නමුත් ඔහු මා සමග ලිංගික සංසර්ගයක යෙදුනේ නැහ. ඔහු මාගේ අත් ඔහුගේ ශිශ්නය මත තබා ශුක්රනු පිට කරා. පසුව මා අත ජලයෙන්…
ශුක්ර තරලය යෝනි මාර්ගයට හෝ ඒ අසලට ඇතුල් නොවුනා නම් ගැබ් ගැනීමක් වෙන්නෙ නැහැ. අත සෝදා ගත් පසු ස්පර්ශ වීමෙන් එසේ වෙන්නෙ නැහැ. මානසික පීඩනය නිසාත් ඔසප් වීම පමා වෙන්න පුළුවන්. සැකය දුරු කර ගැනීමට මුත්රා පරීක්ෂණයක් කරන්න. මෙවැනි අතවරයක් ගැන විශ්වාස කල හැකි අයෙකුට…
ඇසේ asanpayak nisa mama දිනකට prednisilone 10mg gannawa dinpatha.eya nogena සිටියොත් ඇසේ penima nathi wenawa.meka daruwek pilisida ganimata ahithakaraida? Aurudu dekak daruwek bala…
Prednisolone ගැනීම දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි. එය ඔබේ අක්ෂි වෛද්ය වරයාගේ උපදෙස් නොමැතිව නවත්වන්න එපා, ගැබ් ගැනීමට බලාපොරොත්තු වන බව ඔහුට දන්වන්න. වසර දෙකක් උත්සාහ කර ඇති නිසා දෙදෙනාම නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor ස්ත්රී ලිංගය පිටත විවරයෙහි ශුක්රාණූ තැවරුනහොත් ගැබ් ගැනීමකට හැකියාවක් තිබේද?
ඔව්. යෝනි විවරය අසල ශුක්ර තරලය තැවරුනත් ගැබ් ගැනීමක් විය හැකියි, ඒ සඳහා සම්පූර්ණ සංසර්ගයක් අවශ්ය නැහැ. ඔසප් වීම පමා වුවහොත් මුත්රා පරීක්ෂණයක් කරන්න.
ඩොක්ට ප්රෙග්නට් වෙලා මාසයක් උනාම. ඒක නැතිකරගන්න බෙහෙත් නැද්ද
ශ්රී ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කල හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ නිසා ඒ සඳහා ඖෂධ නිර්දේශ කරන්න බැහැ. නීති විරෝධී ලෙස ලබා ගන්නා ඖෂධ සහ ක්රම මවගේ ජීවිතයට අනතුරුදායකයි. ගැටළුවක් තිබේ නම් වෛද්ය වරයෙකු හමුවී සාකච්ඡා කරන්න.
පලමු scan පරීක්ෂණයෙදී සති 6 කලලයක් ඇති බවත් පසුව සති දෙකකින් එය නොපෙනෙන බව කිව්වා, ඒ විදියට සති දෙකෙන් දෙක scan කලත් පෙන්නෙ නෑ කිව්වා... මාස 2 1/2 bleeding සිදු වුනා. එසේ නොපෙනීමට…
මෙය ගබ්සාවක්. බොහෝ විට මෙයට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයක්, එය වලක්වන්න ප්රතිකාරයක් නැහැ. එක් වරක් එසේ වීම නිසා නැවත ගැබ් ගැනීමකදී ගබ්සා වීමේ අවදානම වැඩි වෙන්නෙ නැහැ. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත උත්සාහ කරන්න පුළුවන්. https://vog.lk/892-after-abortion…