Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ඩොක්ටර් මන් සති 21 ගර්බනී මවක්..මගේ cervix lenght එක 32mm රිපෝට් එකේ තියෙන්නේ..මගේ මුල් සති වල නම් 40mm තිබුනා.මේ 32mm ප්‍රමානය අවදානම් තත්වයක්ද..මන් ප්‍රවේසම් වෙන්න ඕන කොහොමද?මේ ග…

පිළිතුර

සති 21දී ගැබ් ගෙලේ දිග මිලිමීටර 32ක් වීම සාමාන්‍ය පරාසයේ තිබෙනව, 25ට වඩා අඩු වූ විටයි අවදානමක් ලෙස සලකන්නෙ. ප්‍රොජෙස්ටරෝන් ප්‍රතිකාරය වෛද්‍ය උපදෙස් පරිදි කරගෙන යන්න, සාමාන්‍ය වැඩ කටයුතු කිරීමට බාධාවක් නැහැ. නියමිත දිනට නැවත ස්කෑන් කර බලන්න.

කෝ*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man pregnat.. masa 03 wenwa. Mata thama wamane yanawa deparak wamane yanakota e samaga le giya.. papuwem dawillak wage danenawa. Meya rogi thathwayakda?

පිළිතුර

වමනය සමග ලේ යාම සාමාන්‍ය දෙයක් නොවෙයි. නිතර වමනය යාම නිසා ආහාර මාර්ගයේ සුළු තුවාලයක් ඇතිවීමෙන් එසේ වෙන්න පුළුවන්. ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්, මට fibroids (6cm) 1ක් සහ තව පොඩි කිහිපයක් තියනවා කියලා ඩොක්ටර් කිව්වා. මාස 9ක් වගේ ප්‍රතිකාර කරා. ovidac 1000 injection 1 දෙපාරක් දුන්නා. ඒත් හරි ගියේ නැති නිසා අන්තිමට Du…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය ධන ලෙස සලකන්නෙ ඉරි දෙකම එක ලෙස තද පැහැයෙන් පෙනේ නම් පමණයි. ලාවට පෙනෙන ඉරක් ovidac එන්නතේ අඩංගු hCG හෝමෝනය නිසා හෝ ඉතා මුල් අවස්ථාවේම නැවතුන ගැබ් ගැනීමක් නිසා වෙන්න පුළුවන්. සතියකින් නැවත පරීක්ෂණය කර බලා, සැත්කමට පෙර ඔබේ වෛද්‍ය වරයාට මේ බව දන්ව…

*****
පිළිතුර කියවන්න
ගැටළුව

මට අර්ශස් තියෙනවා. මම් මුලින් බෙහෙත් ගත්තා, එවටත් අඩුවක් නැ. දැන් පිටිපස්සෙන් ගෙඩියක් ඇවිත්, මට toilet පවා යන්න අමාරුයි . මම pregnant වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒකට Duinum tablet…

පිළිතුර

අර්ශස් තිබීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් ගැබිනි කාලයේ අර්ශස් තවත් වැඩි වෙන්න පුළුවන් නිසා ඊට පෙර ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. මලබද්ධය වලක්වා ගැනීමට කෙඳි සහිත ආහාර සහ වතුර වැඩිපුර ගන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

sir,mage 1st pregnancy 10week walin abortion una passe ovidac hormone dunna eken 1 1/2yr puthek innawa mn aye pregnant una ekath 10 wek walin abortion una erpc kala dan 6mnt kalin…

පිළිතුර

දින කිහිපයක් norethisterone ගැනීමෙන් දරු ගැබට හානියක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. ගබ්සා වීම් දෙකක් සිදුවී ඇති නිසා හැකි ඉක්මණින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. අවශ්‍ය ප්‍රතිකාර ඔහු තීරණය කරාවි.

ku*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්, ලිංගික එකතු විමකදි ඉතා කුඩා ප්‍රමාණයක ශුක්‍රාණු ප්‍රමාණයක් ශරීර ගත උනත් ගැබ් ගැනීමක් සිදුවන්න පුලුවන්ද? මම ගිය මස එසේ එකතු උනා මේ මාසෙට තවමත් ආර්තවය සිදු වෙලා නෑ..එසේ ගැබ්…

පිළිතුර

ඔව්, ඉතා සුළු ශුක්‍ර තරල ප්‍රමාණයක් යෝනියට ඇතුල් වුවත් ගැබ් ගැනීමක් විය හැකියි. මුල් සති කිහිපයේදී ගැබ් ගැනීම හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ නැහැ, පළමු ලක්ෂණය ඔසප් වීම පමා වීමයි. මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.

S *** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Lingikawa ekvimate pera sukranu pite wemak seduvenawa.ehame wenina hatuwe kumakde?

පිළිතුර

සංසර්ගයට පෙර හෝ ආරම්භයේදීම ශුක්‍ර තරලය පිටවීම පිරිමින් අතර බහුලව දකින තත්වයක්. බොහෝ විට එයට හේතු වෙන්නෙ කලබලය, බිය හෝ අත්දැකීම් අඩු කම වැනි මානසික කරුණු, ශාරීරික රෝගයක් නොවෙයි. කාලයත් සමග මෙය පාලනය වෙන්න පුළුවන්. දිගටම පවතීනම් ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙක…

Sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Man mage girl friendta giya mase 18 (ජූලි) leda una eyage dina 28 wenawa eyata me mase (අගෝස්තු ) 14 leda wenna thibune api 13 wenida ලිංගික ekathu una leda wenna thibba nisa p…

පිළිතුර

ඔසප් වීමට ආසන්න දිනවල ගැබ් ගැනීමට ඇති ඉඩකඩ අඩු වුවත් එය සම්පූර්ණයෙන් ආරක්ෂිත නැහැ. ඔසප් වීම පමා වී ඇති නිසා මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය ඍණ නම් සතියකින් නැවත කරන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න