Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor yoni thol kalu wimata balapana hethuwa mokakda. Yoni thol thadin sipa ganimakadi kalu wenna puluwanda

පිළිතුර

යෝනි තොල් වල සම සිරුරේ අනිත් තැන් වලට වඩා තද පැහැයක් ගැනීම සාමාන්‍ය දෙයක්. වැඩිවිය පැමිණීමෙන් පසු හෝමෝන බලපෑම නිසා එසේ වෙනව. එය රෝගයක් නොවෙයි, ප්‍රතිකාර අවශ්‍ය නැහැ. තදින් සිප ගැනීමෙන් තාවකාලිකව තැලීමක් වගේ පැහැයක් ඇතිවිය හැකි වුවත් එය ස්ථිරව කළු වීමට හේතුවක්…

*****
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor මගේ නංගිගෙ වයස අවුරුදු 14.. ඇගේ ඩිම්බ කෝෂයක් තුල 3.5 පමණ ගෙඩියක් හටගෙන තිබෙනවා.. VOG Doctor කෙනෙක් කිව්ව මාසයක් බෙහෙත් බීල බලන්න.. නැත්තම් කැමරා යොදා පරීක්ෂණයක් කරමු නැති නම…

පිළිතුර

මෙය භයානක තත්වයක් නොවෙයි. මෙවැනි කුඩා ගෙඩි බොහෝ විට මාස කිහිපයකින් ඉබේම හැකිලී යනව. මාස 2-3කින් නැවත ස්කෑන් කර බලන්න. ගෙඩිය සෙන්ටිමීටර 4ට වඩා විශාල වී දිගටම පවතීනම් පමණක් සැත්කමක් අවශ්‍ය වෙනව. https://vog.lk/41-ovarian-cysts.php

Sa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

සර් , මට රෝහලේ නතර වෙන්න තියෙන්නේ මේ මාසේ 22 දිනට නමුත් දැන් දවස් දෙකක ඉදන් කැක්කුම් දෙනවා. මස් පිඩු වේදනාව වගේම කොදු නාරටිය දිගේ කැක්කුම් දෙනවා යටි බඩේ කැක්කුම් දෙනවා එහෙම වෙන්නේ…

පිළිතුර

ප්‍රසූතියට ආසන්න වූ විට මෙවැනි කැක්කුම් ඇතිවීම සාමාන්‍යයි. නමුත් කැක්කුම නිතර නිතර ඇවිත් වැඩි වෙනවා නම්, වතුර යනවා නම්, ලේ යනවා නම් හෝ දරුවාගේ දැඟලීම අඩු නම් 22 දක්වා බලා නොසිට වහාම රෝහලට යන්න — එවිට ප්‍රසූතිය නියමිත දිනට පෙර සිදු වෙන්න පුළුවන්.

සද*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage womb eke pain ekak enawa periods regular na periods dwsatat loku pain ekak enawa scan ekak karala kiuwe womb eka pattakata harila kiyala ekata wisandumak nadda doctor ?…

පිළිතුර

ගර්භාෂය පසුපසට හැරී තිබීම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට තිබෙන සාමාන්‍ය තත්වයක්; ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. වේදනාවට සහ අක්‍රමවත් ඔසප් වීමට වෙනත් හේතුවක් තිබේදැයි නාරිවේද වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කර ගන්න.

Ra*** · වයස 18
පිළිතුර කියවන්න
ගැටළුව

Lingikawa ekathu unata passe pregnut wei kyla sakayak thynwnm ekata mokada krnne doctor

පිළිතුර

ලිංගිකව එක්වී පැය 72ක් ඇතුළත නම් හදිසි උපත් පාලන පෙත්තක් ගන්න පුළුවන්. එය ඉක්මවා ඇත්නම්, ඔසප්වීම පමා වූ දිනයේ සිට මුත්‍රා hCG පරීක්ෂණයක් කර ගැබ් ගෙන ඇත්දැයි තහවුරු කර ගන්න.

An*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mata mensas wenne 4-5 month walin. Mata denata 2 1/2 duwek innawa. Mama ayeth babek balaporoththu wenawa. Kalin baba heduneth dimba moranna beheth bila. Mn scan 1k kala. Mage dimba…

පිළිතුර

ඔසප් වීම එසේ ප්‍රමාද වෙන්නේ මාසිකව ඩිම්බ මේරී පිටවීම සිදු නොවෙන නිසයි. කලින් මෙන්ම ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා ගැනීම සුදුසුයි; නාරිවේද වෛද්‍යවරයෙකු හමුවී ස්කෑන් මගින් නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර ආරම්භ කරන්න. ඊට අමතරව දිනපතා ව්‍යායාම සහ බර පාලනය වැදගත්.

An*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, I have got my synopharm vaccine 1st dose on last month. Now I have to kate my second dose coming saturday. But at the current situation I am tested as pregnant. I need a ad…

පිළිතුර

Yes. You may get the vaccine on the planned date. Covid-19 vaccination is recommended during pregnancy.

Bu*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර ලින්ගිකව එක් උයෙ නැති උනත් ලින්ගෙන්ද්‍රරයන් එකට ඇතිල්ලිමෙන් ප්‍රෙග්නට් වෙන්න අවස්තාව තියෙනවාද

පිළිතුර

කිසියම් ආකාරයකට ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Di*** · වයස 21
පිළිතුර කියවන්න