Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor මගේ නංගිගෙ වයස අවුරුදු 14.. ඇගේ ඩිම්බ කෝෂයක් තුල 3.5 පමණ ගෙඩියක් හටගෙන තිබෙනවා.. VOG Doctor කෙනෙක් කිව්ව මාසයක් බෙහෙත් බීල බලන්න.. නැත්තම් කැමරා යොදා පරීක්ෂණයක් කරමු නැති නම් ඔපරේෂණ් එකක් මගින් ඉවත් කරමු කියල.. මෙය භයානක තත්වයක්ද doctor .. කුමක් කිරීම වැදගත් ද.. youtube හරහා මම ඔබතුමා ගැන කරුණු සොයා ගත්තෙ.. අප කල යුතු දේ හා මෙම තත්වය පිලිබද කිව හැකිද

අසන ලද්දේ: Sa*** · වයස 22 · 0 views

පිළිතුර

මෙය භයානක තත්වයක් නොවෙයි. මෙවැනි කුඩා ගෙඩි බොහෝ විට මාස කිහිපයකින් ඉබේම හැකිලී යනව. මාස 2-3කින් නැවත ස්කෑන් කර බලන්න. ගෙඩිය සෙන්ටිමීටර 4ට වඩා විශාල වී දිගටම පවතීනම් පමණක් සැත්කමක් අවශ්‍ය වෙනව.

https://vog.lk/41-ovarian-cysts.php