Skip to main content
ප්‍රශ්නය

මම බදින්න ඉන්න ගෑනුලමයගෙ පැලෝපීය නාල වල ගෙඩි තියනවා කියලා scan එකකින් බැලුවා.එහෙම ඇති වෙන්න හේතු මොනවද

අසන ලද්දේ: Sa*** · වයස 27

බොහෝවිට ස්කෑන් පරීක්ෂණයේදී පෙනී ඇත්තේ ඩිම්බ කෝෂයේ ගෙඩියක් හෝ පැලෝපීය නාලය තුල තරලය පිරීමක් විය හැකියි. ඩිම්බ කෝෂ වල සෙන්ටිමීටර 2 සිට 3 දක්වා කුඩා ගෙඩි සාමාන්‍ය දෙයක්. නාලය තුල තරලය පිරීමට බොහෝවිට හේතු වෙන්නේ කලින් ඇති වූ ආසාදනයක්. ස්කෑන් වාර්තාව සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.