Skip to main content
ප්‍රශ්නය

fibroid ගෙඩි 4.5cm ප්‍රමාණය.සැත්කමකින් තොරව සුව කල නොහැකි ද?

අසන ලද්දේ: Li*** · වයස 26

බැහැ. ඖෂධ වලින් ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න බැහැ. නමුත් සෑම ගෙඩියකටම සැත්කමක් අත්‍යවශ්‍ය නැහැ. සෙන්ටිමීටර 4.5ක ගෙඩියක් නිසා අධික රුධිර වහනය, වේදනාව හෝ දරු ඵල ප්‍රමාද වීම වැනි ගැටළුවක් නැති නම් ප්‍රතිකාරයක් නොකර වසරකට වරක් පමණ ස්කෑන් පරීක්ෂණයකින් එහි ප්‍රමාණය බලා ගැනීම ප්‍රමාණවත්. රෝග ලක්ෂණ තිබේ නම් ලැපරොස්කොපි ක්‍රමයට ගෙඩිය පමණක් ඉවත් කරන්න පුළුවන්. එය තීරණය වෙන්නේ ගෙඩිය තිබෙන ස්ථානය අනුවයි.