ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts

ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts

ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව බොහෝ කරුණු මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනව.  මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ඩිම්බ කෝෂවල ගෙඩි ඉවත් කරන සැත්කම් ගැන ඔබ දැනුවත් කිරීමයි. දැනට කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් වලින් බොහොමයක්ම ලැපරොස්කොපි ක්‍රමයට ඉතාමත් ආරක්ෂිව සිදුකරන්න පුළුවන්. එහිදී සිරුරට සිදු වන හානිය සහ අතුරු ආබාධ අඩු නිසා සැත්කමෙන් පසු ඉතා ඉක්මණින් පූර්ණ සුවය ලැබෙනව.

බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම. මෙලෙස හඳුනා ගනු ලබන ගෙඩි වලින් බහුතරයක්ම කිසිම ප්‍රතිකාරයකින් තොරව ඉබේම හැකිලී යනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකදී ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත් පමණින් එයට සැත්කමක් සිදු කිරීම හෝ හැකිලීමට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය නැහැ. 

නමුත් ඩිම්බ කෝෂ වල ඇති වෙන සමහර ගෙඩි මෙලෙස ඉබේ හැකිලී යන්නෙ නැහැ. ඒවා ක්‍රමයෙන් විශාල වීමට, සංකූලතා ඇති වීමට හෝ පිළිකා බවට පත්වීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාට නිගමනය කරන්න පුළුවන්. එවැනි අවදානමක් ඇති විට ඊට සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වෙනව. 

ඩිම්බ කෝෂ වල පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර අනිකුත් සියළුම සැත්කම් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකරන්න පුළුවන්. එවැනි සැත්කමකදී සිරුරට සිදුවෙන හානිය අවමයි. ඒ වගේම ඩිම්බ කෝෂයේ සාමාන්‍ය සෛල ඉවත් කිරීමකින් තොරව ගෙඩිය පමණක් ඉවත් කල හැකි  නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බාධාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම සැත්කම සිදු කරන දිනයේම හෝ පසු දින රෝහලෙන් බැහැර වීමටත් දින කිහිපයක් ඇතුලත සාමාන්‍ය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනව. 

ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ සෙන්ටිමීටරයකට වඩා කුඩා කැපුම් තුනක් පමණක් සිදු කර උදරය ඇතුලත සජීවී වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර ඒ ආධාරයෙන් ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කරමින් සැත්කම සිදු කරන්නෙ. ඩිම්බ කෝෂ වල ඇති වෙන ඉතා විශාල ගෙඩියක් වුවත් මෙම ක්‍රමයට ආරක්ෂිතව සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණය දැන් තිබෙනව. 


මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.

ඩිම්බ කෝෂ වල ගෙඩි

1. ලිපිය - ඩිම්බ කෝෂ වල ඇති වෙන ගෙඩි

2. රූපවාහිනී වැඩසටහන

3. ගුවන් විදුලි වැඩසටහන


ලැපරොස්කොපි සැත්කම්

1. ලිපිය - විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම්

2. රූපවාහිනී වැඩසටහන



ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON