Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama dan marry karala aurudu 03k wenawa. Eth thawama mata babala na. Mn hospital ekata ghin check karala baluwa eth thawa kisima result ekak nane doctor. Mata hama masema pe…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ අනුව සුදුසු ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

H.*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr maya Baba lebee mevanawita masayakuth dina 05 k venawa me kalaya thula geb genermak siduviya helida

පිළිතුර

දරුවාට මවු කිරි පමණක් දෙන මවකට පලමු මාස 6 තුල ගැබ් ගැනීමට ඇති අවදානම ඉතා අඩුයි. නමුත් සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීම වඩාත් සුදුසුයි.

Sa*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.මට pcos කියන තත්වය තියෙනවා.මට ඔසප් වීම නවතින්නේ නැහැ.primolut ගන්නවා.එවිට නවතිනවා.තවම බබාලත් නැහැ.histroscopy test එකක් කලා.ඒත් සාර්ථක නැහැ.please dr.මට මොකක් හරි විසදුම ක් දෙන්…

පිළිතුර

ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

චත*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mata babekta asay.namuth lingikawa ekathu weemata kamaththak feelings naha.mama thawa niyama akarayata lingikawa ekathu weemak.wela naha.mama doctor lagata giyahama mawa manasika d…

පිළිතුර

මේ තත්වය මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකර ගන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීමට බාධාවක් නැහැ. අවශ්‍ය නම් iui වැනි ප්‍රතිකාර ක්‍රමයක් මගින් වුවත් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man mulin pregnant wela sathi 10n abortion una.. mata pregnant wenna kalin ovidac 5k eka dunna...e welawe doctor qwa mage fibroid ekak thiyenaw kiyala.... abortion eken pass…

පිළිතුර

ඔබගේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය කෙපමණ දරුණු ලෙස තිබේද යන්න මත ප්‍රතිකාර කල යුතු කාලය වෙනස් වෙනව. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ස්ථිරව කියන්න අපහසුයි.

Ha*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mats dan puthala dennek innawa.duwek hadanna kemathi.dan puthalata wayasa. 4,2.i.ilagata duwek weida doctor

පිළිතුර

පිළිසිඳ ගන්නා කලලයක් ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නෙ. එය තීරණය වෙන්නෙ ශුක්‍රාණු වල වර්ණ දේහ සංයුතිය අනුවයි. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/762-baby-gender.php

N.*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn clitoris eka touch karala sawayan windanaye yedenawa. Me nisa mage kanyapatalayata hanyak sidu weida. Mn thama viwaha wela ne .. mehema swayan windanaye yedunoth athi wan…

පිළිතුර

කන්‍යා පටලය පිහිටා තිබෙන්නෙ යෝනි මාර්ගයට ඇතුළු වන ස්ථානයේ. ඒ හරහා යමක් යෝනි මාර්ගයට ඇතුළු කලහොත් තමයි කන්‍යා පටලයට හානියක් වෙන්න හැකියාව තිබෙන්නෙ. කන්‍යා භාවය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්. https://www.vog.lk/182-hymen-virginity.php

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

daine 35 tablet eka magin pregnet wenwada..

පිළිතුර

මෙය උපත් පාලන ඖෂධයක්. නමුත් එය ලබා ගන්නා අතර තුර වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.

Ka*** · වයස 19
පිළිතුර කියවන්න