VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ස්වයං වින්දනයේ යෙදීමෙදී යෝනි මාර්ගය භ්රමණය මගින් කන්යා පටලයට හානි සිදුවේද,යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කලේ නැත නමුත් ඒ මොහොතේ කිසිදු ස්රාවයක් පිට නොවුනත් උදෑසන අවදි වනවිට දුඹුරු ප…
යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් නොකලේ නම් කන්යා පටලයට හානියක් වෙන්නෙ නැහැ. දුඹුරු පැහැති ස්රාවය ඊට සම්බන්ධ නැහැ. ඔසප් වීමට ආසන්න දිනවල හෝ ඩිම්බය පිටවන කාලයේ එවැනි ස්රාවයක් ඇතිවීම සාමාන්ය දෙයක්.
ඩොක්ටර් මම මිට අවුරුද්ද කට පෙර ඔසප් විම පරක්කු වු බැවින් බැවින් ඩොක්ටර් කෙනක්ගෙන් බෙහෙත් ගත්තමි ,,nogest tablat ,මෙම ගැබි ගෙන තිබ්යදි බ්විවොත් ,ඔසප් විම සිදු වෙනවාද (0)
ගැබ් ගෙන තිබේ නම් නෝජෙස්ට් වැනි ප්රොජෙස්ටරෝන් පෙති ගත්තත් ඔසප් වීමක් සිදු වෙන්නේ නැහැ; ගැබ් ගැනීමට හානියක්ද වෙන්නේ නැහැ. ඔසප් වීම ප්රමාද නම් පළමුව මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
මම සති 5,දවස්2ක ගැබිනියකි,urine test positive වුනෙමි,නමුත් කිසිම අපහසුතාවක් ශරීරයට නොදැනේ,සති 5න් කිසිදු රෝග ලක්ශණයක් නොදැනේද?මා vog doctor knk වෙත ගොස් පරික්ශාකරගත යුතුද?කාරුනිකව…
ඔව්, එය සාමාන්ය දෙයක්. ඔක්කාරය වැනි ලක්ෂණ ඇතිවෙන්නෙ සති 6කට පමණ පසුවයි, කිසිම ලක්ෂණයක් නොමැති වීමත් සාමාන්යයි. සති 7ක් පමණ වූ විට වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගන්න.
Dr Man marry karala 6y wenawa.babala 2 innawa.mata ethi getaluwa nam eyata kisima lingika uththejanayak nomethi wimai.lingika asawak ho ema kiya dediwa prathikshepa karai.eya maha…
ලිංගික ආශාව අඩු වීමට ශාරීරික සහ මානසික හේතු රැසක් බලපාන්න පුළුවන්. දෙදෙනාම එකට ලිංගික සෞඛ්ය පිළිබඳ වෛද්ය වරයෙකු හෝ මනෝ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
මම මැරි කරලා අවුරුද්දක් වෙනවා. තවම බබාලා නෑ. ගර්භාෂයේ ගෙඩි තියෙනව කියලා vog ඩොක්ටර් කිවුවා. ඩ්ම්බ මෝරන බෙහෙත් බොනවා. මේ ගෙඩි තියෙන එක pregnant වෙන්න ප්රශ්නයක් නැද්ද sir
ගර්භාෂයේ ගෙඩි (fibroids) බොහෝ විට ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. එය ගෙඩි වල ප්රමාණය සහ පිහිටීම අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව ප්රතිකාර දිගටම කරගෙන යන්න.
dr.mama 3 months walin babek hadanna inne.mama vog kenek channel kala folic acid ganna.e tablet eka expensive.eka glyzsa kiyla thibune.hoyanna be hariyatama.eka gena kiyla denawada
ගැබ් ගැනීමට පෙර අවශ්ය වෙන්නෙ ෆෝලික් ඇසිඩ් පමණයි. මිල අධික වර්ග අවශ්ය නැහැ. සාමාන්ය ෆෝලික් ඇසිඩ් පෙත්ත දිනකට එකක් ගැනීම ප්රමාණවත්, එය ඕනෑම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්.
වෛද්යතුමනි මම මීටපෙර සුදයාමට බෙහෙත් අරන් තියෙනවා..මට හොදටම හොදවෙලා අවුරුදු දෙකක් පමන තිබ්බා නැතුවම.දැන් ආයෙත් සුද යන්න පටන් අරන් කසනවා...මට ෆාමසියකින් ගන්න පුළුවන් බෙහෙතක් කියන්න…
සුදු යාම සමග කැසීම තිබේ නම් බොහෝ විට එය දිලීර ආසාදනයක්. පරීක්ෂාවකින් තොරව ඖෂධ නම් කිරීම අපහසුයි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්රතිකාර ලබා ගන්න. නැවත නැවත ඇතිවේ නම් දියවැඩියාව ඇත්දැයි බැලීමත් සුදුසුයි. https://vog.lk/1000-vaginal-candidiasis.php
මම සහ පෙම්වතිය සංසර්ගයෙ යෙදි සිටින වෙලාවෙ මගෙ ශුක්රාරානු condem එක තුලම පිට වු බව මට හැගුනි,ඉන් පසුව මාගෙ ලිගුව ඉවතට ගත් අවස්ථාවෙ condem එක යොනිය තුල සිරවි තිබුනි,මෙය නිසා ප්රශ්න…
කොන්ඩමය යෝනිය තුල රැඳුනා නම් ශුක්ර තරලය කාන්දු වී ගැබ් ගැනීමට ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක හැකි ඉක්මණින් හදිසි උපත් පාලන පෙත්ත (Postinor) ගත යුතුයි. ඔසප් වීම පමා වුවහොත් මුත්රා පරීක්ෂණයක් කරන්න.