VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doc man postinor 2 biuwa period hadila dawas 9kata psse ithin mn bhth eka bila dawas 5kata passe mata aaith periods haduna eka prashnyakda?
සමහර විට මෙම ඖෂධය නිසා එවැනි රුධිර වහනයක් වෙන්න පුළුවන්. සති දෙකකට පසුව මුත්රා පරීක්ෂණයක් සිදු කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න.
මම covid vaccine eka පලවෙනි මාත්රා ව විද්දා.දැන් දෙවනි මාත්රා වත් විදින්න ලගයි..දරුවෙකු දැන්ම සැදිමට සුදුසු වන්නේ නැද්ද ??? මව් පදවිය අපෙක්ශාවෙන් මම සිටින්නෙමි .එය මව් පදවිය ලැබි…
නැහැ. දරු පිළිසිඳ ගැනීම ප්රමාද කිරීමට අවශ්ය වෙන්නෙ නැහැ
මාස 4ක් ගැබිනි මවක් ඇස්ට්සෙනිකා එක ගත්තට ගැටලුවක් නැද්ද ?දරු ගැබට ගැටලුවක් ඇතිවෙනවද?
දරු ගැබට හානියක් වන බවට සාක්ෂි නැහැ. නමුත් දැනට ලංකාවේ නිර්දේශ කර තිබෙන්නෙ සයිනොෆාම් එන්නත පමණයි. ඉදිරියේදී මෙම නිර්දේශ වෙනස් වෙන්න පුළුවන්.
ඩොක්ටර්,මම තවම විවාහ වෙලත් නෑ.මට ඔසප් වෙන්නෙත් හරිම අක්රමවත් විදියට මාසයක් උනොත් එක මාසයක් නෑ අන්තිමට ඔසප් වුනේ මීට මාස 4කට කලින්.මගේ පියයුරුත් ටිකක් රිදෙනවා.දැන් එක පියයුරුවකින්…
මේ ගැන වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබගේ හෝමෝන ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්ය විය හැකියි.
Doctor මම 2වන වරට විවාහා වී වසරක් gatha wenawa.palamu viwahayen awrudu 4ka daruwek siti.namuth me viwahayen daruweku nomathi weema gataluwaki.doctor kenek hamu uwath prashnayak nat…
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්ය වෙනව. ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
පිරිමියෙකුගෙ ශුක්රාණු නිරෝගිදැයි දැන ගන්නෙ කොහොමද ඩොක්ටර්?
රසායානාගරයකින් ශුක්රාණු පරීක්ෂණයක් සිදු කර මේ ගැන දැන ගන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න. https://www.vog.lk/940-seminal-fluid-analysis.php
Dr..mage period hadena kala simawa wenas wenawa.kramawath ne...period hadunu pasu dumburu pahayen rudhiraya pita wanawa.meyata hethuwa kumakda.period kramawath nowima wenath rogaya…
ඔසප් වීම අක්රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඒ ගැන පහත ලිපියෙන් කියවන්න පුළුවන්. නමුත් ඔබ දැනට දරුඵල අපේක්ෂා කරන්නෙ නැති නම් ඔසප් චක්රය ක්රමවත් කිරීමට ඖෂධ ප්රතිකාර ලබා ගන්න අවශ්ය නැහැ. ඔසප් වීම අක්රමවත් වෙන්න හේතු
Doctor,mn marry karala 4yrs.babala nati nisa laparoscopy kala.eken dr kiwe mata endometriosis kiyala.3 mnth injection gatta.et balala nati nisa treatment kala.IUI eka parak kala.et…
ඔව්. එන්ඩොමෙට්රියෝසිස් රෝගය නිසා දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න හැකියාව තිබෙනව. ඔබට මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව.