VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
mama sathi 13ka garbani mawak..namuth vydayathumani mata salakiya yauth pramanaye kusak thawa na..eya samanya deyak da??
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරු ගැබ සාමාන්ය ලෙස වර්ධනය වී ඇති නම් ගැටළුවක් නැහැ.
Doctor man Rataka inne badala aurudu dekay tama lamai na Check karama eka tube eke podi block ekak tywna kiwwa Husbund geth count eka aduy man mokdda kara uththte
ඔබට මේ සඳහා ප්රතිකාර අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata mensus nisi akarawa wenne.beheth ganna giyapuwahama marry karama hari yai kiwwa.ahema wenna puluwanda
නැහැ. ඔසප් වීම අක්රමවත් වීමට විවාහය හෝ ලිංගික එක්වීම බලපාන්නෙ නැහැ.
ඩොක්ටර් ගිය මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ මට 23 periods හැදුනා මට periods ඉවර උනේ 28 ඊට පහුවෙනිදා එ කියන්නේ 29 මන් ලිංගිකව එකතු උනා.නමුත් මට ආයේ හැදෙන්න ඕනේ periods මේ මාසේ ඒ කියන්න…
ඔබේ ඔසප් වීම ප්රමාද වී ඇති නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඔබට දැන් මුත්රා පරීක්ෂණයක් සිදු කල හැකියි.
dr mage mensas piliwelata wenne nthi nisa daine 35 tablet eka dunna..eka mama auruddak witara pawichchi karanwa..eka upath palana pethi wargayak nisa mge wayasath ekka eya pawichch…
ඉන් ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
උපත් පාලන පෙති ලබාගන්නා කෙනෙක්ට සරැ කාලයක් තිබේද
නැහැ. උපත් පාලන පෙති නිවැරදිව ලබා ගන්නා විට ඩිම්බ පිටවීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමක් ඇති වෙන්නෙ නැහැ.
Dr mata period piliwelata wenne na.Mata July 10 period haduna normal widiyata.ayet hadune Nov 14.namuth bleed wimak na.Kati wage guru patata dawasata dethun parak pitawenawa.toilet…
වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්ය ලෙස ඩිම්බ මේරීම සහ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Doctor implanon ekak ain karama kochchara kalekinda mensos wenne?masa 2k vitara mensos nounoth pregnat wenna puluwanda
පුළුවන්. Implanon කරල ඉවත් කල වහාම ඔබේ සිරුරේ හෝමෝන ක්රියාවලිය සාමාන්ය වෙන නිසා නැවත ඔසප් වීමට පෙර වුවත් ගැබ් ගැනීමක් ඇතිවෙන්න පුළුවන්.