Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

O negative අම්මාකෙනෙක් සහ O positive තාත්තාකෙනෙක්ගේ පලමු බබා.Rh antibodies test එක කරන්නේ නැතුව රෝගම් ඉන්ජෙක්ෂන් එක සති 28න් විදගෙන ඇත.එය කුසේ ඉන්න දරුවාට බලපායි ද

පිළිතුර

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.

Di*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මට ඩිම්බ මෝරන්නෙ නෑ කියලා fostine 75 injection එක දුන්නා තුන් පාරක්.ඒ මදි කියලා තව විදින්න ඕනෙ කිව්වා දෙපාරක්.මේක කොච්චර දුරට සාර්ථක ද ඩොක්ටර්

පිළිතුර

ඖෂධ ක්‍රියාා කරන ආකාර එක් එක් කාන්තාවට සහ ඔසප් චක්‍රය අනුව වෙනස් වෙනව. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

මා*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata aurudu 20k wenawa.mta masa thunak withara mensas hadune na.ita passe man doctor kenekwa hambuna ita psse scan ekak keruwama prashnayak na kiuwa e doctor kiuwa mage bara 53k…

පිළිතුර

මසකට වරක් චක්‍රාකාරව සිදුවන හෝමෝන වෙනස් කම් නිවැරදි ලෙස සිදු නොවන විටයි මෙලෙස ඔසප් චක්‍රය වෙනස් වෙන්නෙ. මෙය දරුණු රෝග තත්වයක් නොවෙයි. සිරුරේ බර අඩු කර ගැනීමෙන් මෙය සාමාන්‍ය තත්වයට පත් කර ගන්න පුළුවන්. එසේ නොමැති නම් හෝමෝන ඖෂධයක් ලබා ගැනීීීීමට සිදු වෙනව.

De*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama dewana wiwahayen daruwek balaporoththuwen sitina kenek. Pera wiwahayen daruwan dennek innawa. 2011 wasare mama lrt sathkama kala. 2020 10 03 eya iwath kala. 10/20 MATA…

පිළිතුර

LRT නැවත සකස් කිරීමෙන් පසු ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවය 50%ක් පමණයි. එය අසාර්තක නම් ඔබට ivf ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Se*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භාෂය ඉවත් කිරිම සදහා යන සැත්කම් සදහා කොපමන මුදලක් වැය වෙනවාද private hospital වලදි??

පිළිතුර

මෙම සැත්කමට වැය වන මුදල සැත්කම සිදු කරන ආකාරය (ලැපරොස්කොපි සැත්කම/ විවෘත සැත්කම/ යෝනි මාර්ගය තුලින් සිදුකරන සැත්කම), සැත්කම සිදු කරන රෝහල සහ සැත්කම සිදු කරන වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් හෝ රෝහලෙන් විමසා මේ ගැන තොරතුරු දැන ගන්න පුළ…

Gi*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Letove 2.5mg tablet aka denne dimba morannada Dr.

පිළිතුර

ඔව්. මෙම ඖෂධය වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක් ලබා ගන්න.

Nu*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage palamu babata aurudu 12k wenawa aye babalane laparoscopy test ekath kala mage dimbakosa,garbasa okkoma elilalu mata aye babala nethi weylu aye ewa ekmanin eleylu man mekata mo…

පිළිතුර

ඔබේ පැලෝපීය නාල අවහිර වී නැති නම් ඇලී තිබෙන අවයව ගලවා නික්ෂේප ඖෂධ මගින් මෙම තත්වය පාලනය කර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. එසේ නොමැති නම් ඔබට IVF ප්‍රතිකාරය මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ka*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, ekweemakin pasu shukranu apasu eliyata ema dirga kalayaka sita pawathinaa athara meya shariraye ushnaya wadiwee ma nisa siduwannakda,? Me sandaha kumak kalayuthuda?

පිළිතුර

ලිංගික සංසර්ගයෙන් පසු යෝනි මාර්ගය තුලට ඇතුළු වන ශුක්‍රාණු වලින් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. මේ නිසා ගැබ් ගැනීමට බාධාකවක් නැහැ.

Sa*** · වයස 33
පිළිතුර කියවන්න