VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor ,awruddae masa 8ka babek innawa mata.newatha geb geneemak sidu wela sathi 7n miscarriage una.newatha geb geneemta eya badawak viya hekida .newatha uthsaha kirimata sudusu ka…
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උපදෙස් මෙම ලිපියේ අඩංගු වෙනව.https://www.vog.lk/892-after-abortion.php
Dr man pregnant Dan sathi 22,mage kalin baba sathi 38 nethi una.mata Mula idan suda yanawa.meka be abata prashnayak weida.
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. ගර්භණී මවකට සුදයාම අසාමාන්ය තත්වයක්ද?
වෛද්යතුමනි, අද දිනය වන විට ලිංගිකව එක්වී දින 9ක් පමණ වන අතර ඔසප් වීම ප්රමාද වී දින 8 ගත වී තිබෙනවා .ගැබ් ගැනීමක් සිදු වෙලා නම් මොකද්ද ඒකට කරන්න පුලුවන් .
ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට පමණයි හදිසි උපත් පාලන ක්රම භාවිතා කල හැකි වෙන්නෙ. දැනට ලංකාවේ නීතියට අනුව මවගේ ජීවිතය බේරා ගැනීමට හැර ගබ්සාවක් කිරීමට අවසර නැහැ.
මම ඩිම්බ මේරීම සදහා බෙහෙත් බීමෙන් පසු දින 12 skan එකට ගියා.එහිදී මගේ ඩිම්බ මෝරා ඇති බව පවසා මා හට සම්බන්ධ විය යුතු සරැ දින පිලිබදව දැනුම් දුන්නා..ඊට පස්සෙ දින 21 ප්රොජස්ටරෝන ටෙස්…
මෙය සාමාන්යයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්රා පරීක්ෂා කර බලන්න.
mata ලිංගිකව එකතු වීමෙන් පසුව කහ පාට දියරයක් යෝනී මාර්ගයෙන් ස්රාවය වෙනව .මෙය අසාමාන්ය තත්වයක්ද..
ස්රාවය සමග ගඳක් තිබේනම් මෙය විෂබීජ ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mama marry karala ne.mata masa 7k menses hedenne nethuwa thibila vog kenek ta pennala beheth gaththa.mage dimba morala nethuwa dimba koshawala awa akathuwela dimba kosha idi…
ව්යායාම කිරීම සහ ආහාර පාලනය මගින් ඔබේ සිරුරේ බර අඩු කර ගන්න. එවිට හෝමෝන ක්රියාකාරිත්වය සාමාන්ය වී, ඔසප් චක්රය සාමාන්ය ලෙස සිදු වෙනව. එසේ නොමැති නම් පමණක් ඖෂධ ලබා ගැනීම සුදුසුයි.
Doctor බුධ්නයේ උස වැඩිවෙන එක ගැටලුවක් ද? ඩොක්ටර් මගෙ මුලින්ම 15ක් තිබුනා දෙවෙනි ක්ලිනික් එකේදි 20ක් උනා දැන් 25ක් තියෙනවා.ඉතින් අපේ ක්ලිනික් එකෙ ඩොක්ටර් කිව්වා ඩොක්ටර් වැඩිවෙන්න හො…
ඔව්. ඔබේ දරුවාගේ වර්ධනය සහ වෝටර් බෑග් එකේ තරල ප්රමාණය අසාමාන්ය ලෙස වැඩි වී ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.
doctor mata oct 15 wage mensences una..eth me november wla mensences une ne..ithin mn strip ekkin test kala eka positive wenwa...eth samahara welata mage yati bada kekkum knwa..ehe…
ගර්භණී මවකට මුල් සති කිහිපය තුල උදරයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්ය තත්වයක්. නමුත් වේදනාව දිගටම පවතී නම් දරුගැබ ගර්භාෂයෙන් පිට පැලෝපීය නාලයක පිහිටන අවස්තා ඇතිදැයි හඳුනා ගැනීමට ස්කෑන් පරීක්ෂණයකට යොමුවීම සුදුසුයි.