Skip to main content
ප්‍රශ්නය

සර් , මට රෝහලේ නතර වෙන්න තියෙන්නේ මේ මාසේ 22 දිනට නමුත් දැන් දවස් දෙකක ඉදන් කැක්කුම් දෙනවා. මස් පිඩු වේදනාව වගේම කොදු නාරටිය දිගේ කැක්කුම් දෙනවා යටි බඩේ කැක්කුම් දෙනවා එහෙම වෙන්නේ ඇයි? , රෝහලේ ඇතුලත් වුනොත් නියමිත දිනට පෙර මගේ ඩිලිවරි එක කරයිද ? ... දැනටමත් කැක්කුම් වැඩී

අසන ලද්දේ: සද*** · වයස 27

ප්‍රසූතියට ආසන්න වූ විට මෙවැනි කැක්කුම් ඇතිවීම සාමාන්‍යයි. නමුත් කැක්කුම නිතර නිතර ඇවිත් වැඩි වෙනවා නම්, වතුර යනවා නම්, ලේ යනවා නම් හෝ දරුවාගේ දැඟලීම අඩු නම් 22 දක්වා බලා නොසිට වහාම රෝහලට යන්න — එවිට ප්‍රසූතිය නියමිත දිනට පෙර සිදු වෙන්න පුළුවන්.