Skip to main content
ප්‍රශ්නය

Doctor මම සති 38ක අම්මා කෙනෙක්.මට covid positive una.අනේ doctor එහෙම උන කෙනෙක් hospital admid කරද්දී corona ward එකකටද දාන්නේ.මට අවුරුදු 2 1/2 බබෙක් ඉන්නවා.අනේ doctor ගොඩක් අසරණයි මම දැන්.මට තවම admit වෙන්න date දුන්නේ නැහැ vog doctor.11 channel එකට date දුන්නේ. Scan date tiyenne january 21.mt a doctor contact kre ganne widiyakuth nha...any doctor..me තත්ත්වයක් ekke admit unoth mona wage deyak weida kiyla bayai...daneta mt godak loku amaruwakuth nha positive unath...eth baba gane bayai..mama vaccine 2ma aran tiyenne.ane pihita wenna doctor...godak මානසිකව වැටිලා ඉන්නේ dan mama.

අසන ලද්දේ: ****

ගර්භණී සමයේ කොවිඩ් ආසාදනයක් ඇති විට බොහෝ රෝහල් වල ප්‍රසූතිය සිදු කරන්නෙ ඒ සඳහා වෙන් කල වාට්ටුවක. එන්නත් දෙකම ලබා ගෙන ඇති නිසා සංකූලතා ඇති වීමට අවදානම අඩුයි. රෝග ලක්ෂණ නොමැති නම් නියමිත දිනට පෙර රෝහල් ගත විය යුතු නැහැ. නමුත් හුස්ම ගැනීමේ අපහසුවක්, දින එකකට වඩා උණ, බබාගේ දැඟලීම අඩු වීම හෝ ප්‍රසූත වේදනා ඇති වුණොත් වහාම රෝහලට ගොස් කොවිඩ් ආසාදනය ගැන පවසන්න.