Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

Covid 19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සුදුසුයද යන්න දරු ඵල අපේක්ෂාවෙන් සිටින් කාන්තාවන් බොහෝදෙනෙක් මේ දිනවල අසන ගැටළුවක්. දැනට භාවිතය සඳහා නිර්දේශිත එන්නත් වර්ග කිහිපයක්ම තිබෙන අතර ඉන් කිසිවක් මේලිපිය ලියන අවස්තාව වෙන තෙක් ගර්භණී මවුවරු යොදා ගෙන සායනික පරීක්ෂණ සිදු කර නැහැ. නමුත් සමහර රටවල දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වීමට අධි අවදානමක් ඇති ගර්භණී මව්වරුන් 90000කට අධික පිරිසකට මෙම එන්නත් ලබා දී ඇති අතර එන්නත් වල ආරක්ෂිත බව එමගින් තහවුරු වී තිබෙනව. 

මීට සමාන එන්නත් දැනටමත් ගර්භනී මවුවරුන්ට ලබා දෙන නිසා මේ එන්නත මගින් මවට හෝ දරුවාට අහිතකර බලපෑමක් වීමට ඇති අවදානම ඉතා අඩුයි. එම නිසා දැන් කොවිඩ් එන්නත ගර්භණී මවු වරුන්ට සඳහා භාවිතා කිරීමට නිර්දේශ කරනව. ඒ වගේම ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් එන්නත ලබා ගැනීමට පෙර ගර්භණී දැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනය 2021.05.06 දින ගර්භණී මව්වරුන් සියළුම දෙනා එන්නත් කිරීම නිර්දේශ කරනු ලැබූ අතර එමගින් ඉදිරියේදී ගර්භණී සමයේ කොවිඩ් ආසාදනය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මාතෘ මරණ වලක්වා ගැනීමට හැකියාව ලැබේවි. 

දරු ඵල අපේක්ෂාවෙන් සිටින බොහෝ කාන්තාවන් මෙම එන්නට ලබා ගැනීමට පෙර අපෙන් විමසන්නෙ ඉදිරියේදී ගැබ් ගැනීමක් ඇති වුව හොත් එන්නත මගින් එයට කිසියම් බලපෑමක් ඇතිවිය හැකිද යන ගැටළුවයි. මෙම එන්නත නිසා ගබ්සා වීමක් හෝ කලලයට හානි වීමක් සිදු වෙන බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා දරු ඵල අපේක්ෂාවෙන් සිටින ඔබට කිසිම ගැටළුවකින් තොර මෙම එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගන්නා අවස්තාව වන විටත් ඔබ නොදැනුවත්ව ගැබ් ගෙන සිටි අවස්තාවක වුවත් එන්නත නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ. 

දරුඵල ප්‍රමාද වීමට ප්‍රතිකාර ලෙස ඩිම්බ මෝරන ඖෂධ ලබා ගැනීම හෝ IUI/ IVF වැනි ප්‍රතිකාර සිදු කිරීම එන්නත් කරනය නිසා ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ Covid 19 එන්නත ලබා ගන්නා අතර තුර, ඔබ කලින් සැලසුම් කර ඇති පරිදි කිසිදු ගැටළුවකින් තොරව මෙම ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON