ගබ්සාව (Miscarriage)

ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල ඇතිවිය හැකි අවදානම් තත්වයන් ගෙන් ප්‍රධානතම තත්වය වන්නේ යෝනි මාර්ගයෙන් රුධිරය  වහනය වීමයි.

රුධිර වහනය බහුල ලෙස ගර්භණී කාන්තාවන් අත් විදින තත්වයක් වුවත් බොහෝ දුරට මෙය මවට හෝ දරු ගැබට හානි කර වන්නේ නැහැ. නමුත් කලාතුරකින් මෙය ගබ්සාවක් හෝ වෙනත් අවදානම් තත්වයක ලක්ෂණයක් වන්නත්  පුළුවන්. එබැවින් මුල් මාස කිහිපය තුල රුධිර වහනයක් සිදුවුවහොත් වහාම වෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම කළ  යුතුයි. එවිට වෛද්‍ය වරයා ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් පසුව සුදුසු පරීක්ෂණ නිර්දේශ කරනු ඇති. මුලින් ම ඔබ ගර්භණී බව තහවුරු කිරීමට මුත්‍රා පරීක්ෂණයක් සිදුකරනව. ඉන් අනතුරුව බොහෝ දුරට ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කරනව. මෙය ඉතාමත් ම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. එමගින් ඔබට හෝ දරුවාට කිසිදු හානිකර අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණය මගින් දරු ගැබ නිසි ලෙස ගර්භාෂය තුල පිහිටා ඇත් දැය දැන ගැනීමට පුළුවන්. ඒ වගේම, ගබ්සාවක් වැනි අවදානම් තත්වයක් ඇති දැයි මෙමගින් දැන ගන්නත්  පුළුවන්. බොහෝ විට ගබ්සාවක් සිදු වන්නේ ඔබ ගර්භණී බව දැන ගැනීමටත් පෙරයි. ඒ නිසා බොහෝ කාන්තාවන් තමන්ට ගබ්සාවක් වුන බව දන්නේ නෑ.

ගර්භණී බව දැන ගත් පසු ගබ්සාවක් සිදු වුව හොත්, පහත ආකාරයට හඳුනා ගන්න පුළුවන්.

1. ගබ්සාවකට අවදානම් තත්වය (Threatened miscarriage)

මෙහි දී රුධිර වහනයක් සිදු වුනත් දරු ගැබ නිරෝගී ව ගර්භාෂය තුල පවතිනවා‍. මෙය ඉතාමත් සුලබ තත්වයක්. බොහෝ ගර්භණී කාන්තාවන්ට සුළු රුධිර වහනයක් වී නතර වෙනව. එය තව දුරටත් හානි කර තත්වයක් නෙමයි.

2. අසම්පූර්ණ ගබ්සාව (Incomplete miscarriage)

මෙහි දී රුධිර වහනයත් සමග, දරු ගැබෙන් කොටසක් ගබ්සා වී පිටවීමක් සිදු වනව. ඉතිරි කොටස ගර්භාෂය තුල පවතින නිසා තව දුරටත් රුධිර වහනයක් වීමේ අවදානමක් පවතිනව.

3.  වැලැක්විය නොහැකි ගබ්සාව (Inevitable miscarriage)

මෙහිදී ගැබ් ගෙල විවෘත වී ගබ්සා වීම ආරම්භ වී ඇති නිසා, අනිවාර්යෙයෙන්ම ගබ්සා වීමක් සිදුවනව. සමහර විට මෙය ස්වභාවිකවම සම්පූර්ණ වීමට පුළුවන්. නමුත් රුධිර වහනය වීමේ අවදානම වැඩි නිසා වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ  යුතුයි.

4.   සම්පූර්ණ ගබ්සාව (Complete miscarriage)

මෙහි දී රුධිර වහනය සමග දරු ගැබ සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් වී යනවා. තව දුරටත් රුධිර වහනය වීමේ අවදානම ඉතා අඩුයි.

5. සැඟවුන ගබ්සාව (Missed miscarriage)

මෙහි දී දරු ගැබ ගර්භාෂය තුල පවතින නමුත් සජීවී නැහැ. එයට තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් නැහැ. නමුත් රුධිර වහනයක් නොවන නිසා ගර්භාෂය ඇතුළත ම තිබෙන්නෙ.

අසම්පූර්ණ හෝ සැඟවුන ගබ්සාවක දී ගර්භාෂය තුල පිට නොවූ කලල කොටස් රැඳී පවතින නිසා, අධික රුධිර වහනය, විෂ බීජ ඇතුල් වීම වැනි සංකූල තා ඇති වන්නට පුළුවන්. එය වළක්වා ගැනීම ඉතා වැදගත්. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත, කටයුතු කළ  යුතුයි.

ගබ්සාවීමට ඇති අවදානම් තතවයන්.

1. කාන්තාවගේ වයස. වයස වැඩි වන විට අවදානම වැඩිවෙනව. වයස අවුරුදු 30ක කාන්තාවකට ගබ්සා වීමට ඇති අවදානම 20%ක්. වයස අවුරුදු 42 වන විට මෙම අවදානම 50%ක් දක්වා වැඩිවෙනව.

2. රෝගී තත්වයන්. උදා. නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව.

3. වැරදි සෞඛ්‍ය පුරුදු. උදා. දුම්පානය, අධික මත්පැන් භාවිතය.

මානසික පීඩනය, ලිංගික ක්‍රියාකරකම්, එදිනෙදා වැඩකටයුතු ගබ්සා වීමට හේතුවක් වෙන්නෙ නැහැ.

ගබ්සාවක් වුවහොත් ප්‍රතිකාර කරන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනව.

1. ස්වභාවික ලෙස ගබ්සා වීමට ඉඩ හැරීම

බොහෝ ගබ්සාවන් ස්වභාවිකවම සම්පූර්ණයෙන් කළලය ඉවත් වනව. ඒ නිසා වෛද්‍ය නිර්දේශ මත යම් කිසි කාලයක් මෙය සිදුවන තෙක් බලා සිටීමෙන්, වෙනත් ප්‍රතිකාර ක්‍රමයකින් තොරව සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්.

2. බෙහෙත් ආධාරයෙන් ගබ්සාව සම්පූර්ණ වීමට උදව් කිරීම

මෙම බෙහෙත් (ඖෂධ ) මගින් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉවත් වීම ඉක්මන් කරනව.

3. ශල්‍ය කර්මයක් මගින් ගබ්සාව සම්පූර්ණ කිරීම

මෙහිදී සුළු ශල්‍ය කර්මයක් ආධාරයෙන් ගර්භාෂය තුල ඉතිරි වී ඇති කොටස් ඉවත් කිරීම සිදුකරනව.

 

baby vog lk

සෑම ගර්භණී වන කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට (20% කට) මුල් මාස තුන තුල දී ගබ්සා වීමේ අවදානමක් තියෙනව. බොහෝ විට මෙය ට හේතු වන්නේ පිහිට ගර්භයේ (දරුවාගේ) අසාමාන්‍ය තාවයක්. එවැනි දරු ගැබකට තව දුරටත් වර්ධනය වීමට හැකියා වක් නොමැති නිසා ගබ්සා වෙන්නෙ. ඒ නිසා ඔබ එවැනි අත් දැකීමකට මුහුණ දුනහොත් ඒ ගැන දුක් වෙන්න එපා. මෙය නැවත වරක් දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් නොවෙයි.

 

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

causes-abortion
ගබ්සාවීමට හේතු (Causes for abortion)

iui-failure
IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)

POPULAR POSTS
caesarean-section
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)

emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

Normal-vaginal-delivery
ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්

subfertility
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

abortion
ගබ්සාව (Miscarriage)