කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ එය නිසි ලෙස සිදු නොවීමට බලපාන කරුණු ගැන මේ ලිපිය වෙන් වෙන්නෙ.
ගැහැනු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල සාමාන්‍යයෙන් මසකට එක ඩිම්බයක් පිටවීම සිදුවන අතර මෙලෙස ජීවිත කාලය තුල ඩිම්බ 400 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවෙනව. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නෙ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමගයි. මෙයට කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන FSH (Follicle stimulating hormone) නමැති හෝමෝනය අවශ්‍ය වෙනව. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GNRH නැමති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි.
ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හඳුනා ගත හැකි හේතුවක් නොමැතිවත් ඩිම්බ මේරීම සිදු නොවන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් ඉහත බොහෝ රෝග තත්වයන් ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කරන්න හැකියාව තිබෙනව. ඒ නිසා එවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව උපදෙස් ලබා ගන්න.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON