නාරිවේද සැත්කම් වල විපලවීය වෙනසක් සිදු කරන 3D ලැපරොස්කොපි තාක්ෂණය
සෑම ක්ෂේත්‍රයක මෙන්ම වෛද්‍ය
විද්‍යාවේදීත් නවීන තාක්ෂණ ක්‍රම යොදා ගැනීම නිසා ඇතිවන විප්ලවීය වෙනස්කම් බොහොමයක්
තිබෙනව. ඒ අතරින් කාන්තා රෝග වලට සිදු කරන ගර්භාෂය ඉවත් කිරීම, ෆයිබ්‍රොයිඩ් ගෙඩි
ඉවත් කිරීම, ඩිමබ කෝෂ වල ගෙඩි/ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයන් ඉවත් කිරීම මෙන්ම
මදසරු බවට සිදු කරන නාරිවේද සැත්කම් සඳහා ඉතාමත් නිවැරදි සහ අති නවීන 3D සහ 4K Laparoscopy තාක්ෂණය යොදා ගැනීම නිසා ඔබට ඇතිවන වාසි පිළිබඳවයි මේ ලිපියෙන් විස්තර ගෙන
එන්නෙ.
කාන්තා රෝග සැත්කම් වල පරිනාමය
සැකෙවින්.
කාන්තා රෝග සඳහා සිදු කරන
සැත්කම් කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ පහසුව සහ යහපත වෙනුවෙන් වෙනස් කම් වලට
භාජනය වී තිබෙනව. මුල් කාලයේ විශාල කැපුමක් මගින් සිදුකල සැත්කම් සිරුරට වන හානිය
අවම වන ලෙස ලැපරොස්කොපි තාක්ෂණයෙන් සිදු කිරීමට යොමුවීම මේ අතරින් කැපී පෙනෙන සන්ධිස්ථානයක්.
මෙම ක්‍රමය මගින් ඉතාමත් කුඩා කැපුම් මගින් සියුම් ලෙස ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව
ලැබෙන අතර ඉන් රෝගියාට ඉක්මණින් යතා තත්වයට පැමිනීමට අවස්තාව ලබා දෙන්නේ සැත්කමෙන්
පසු ඇතිවන වේදනාව මෙන්ම සැතක්ම නිසා ඇතිවන සංකූලතාද අවම කරමින්.
ලැපරොස්කොපි තාක්ෂණයේ නැවුම් මානය
3D
Laparoscopy
ලැපරෛාස්කොපි ශල්‍යකර්ම
තාක්ෂණයත් කාලයත් සමග අළුත් වීමට ලක්වන අතර ඉන් අති නවීනතම ලැපරොස්කොපි ශල්‍යකර්ම
තාක්ෂණය වන්නේ 3D Laparoscopy සැත්කම් ක්‍රමයයි. ද්විමාන තාක්ෂණය ත්‍රිමාණ තාක්ෂණය දක්වා යොමු වෙද්දි
එමගින් ශල්‍යකර්මයේ නිවැරදිබව, ආරක්ෂිත බව වගේම සිදුකල හැකි ශල්‍යකර්ම පරාසයත්
විශාල ලෙස වැඩි වෙනවා. මෙය හුදු තාක්ෂණික දියුණුවක් පමණක් නෙවන්නේ එමගින් රෝගියා ඇතිවන
අතිමහත් වාසි මෙන්ම, වෛද්‍ය වරයාට ශල්‍යකර්මය පහසුවෙන්, ඉක්මණින් සහ ආරක්ෂිතව සිදු
කිරීමට අවකාශ ලැබෙන නිසයි.
3D ලැපරොස්කොපි සමග ඔබට ලැබෙන විශිෂ්ඨ සේවාව
මෙම නවීන තාක්ෂණික ක්‍රමය භාවිතයත්
සමග සැත්කම සඳහා ගතවෙන කාලය අඩුවන අතර, සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාව ඉතාමත් අවම වෙනව.
එමෙන්ම ඉක්මණින් රෝහලෙන් බැහැර යාමට සහ නැවත සුපුරුදු වැඩකටයුතු වල යෙදීමට අවස්තාව
හිමි වෙනව. නවීන තාක්ෂණ ක්‍රම යොදා ගන්නා නිසා සැත්කම අතරතුර සිදු වන රුධිර වහනය මෙන්ම
වෙනත් සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් ඉතා අඩු කරනගන්න පුළුවන් වෙනව. ගර්භාෂය
ඉවත්කිරීම වැනි ප්‍රධාන ගණයේ සැත්කමකින් පසුවත් මෙලෙස ඉක්මණින් නැවත සාමාන්‍ය
තත්වයට පැමිණීමට ඇති හැකියාව නාරිවේද සැත්කම් වල විශාල ඉදිරි පිම්මක්.
ලැපරොස්කොපි සැත්කම්වල අනාගත
දියුණුව
3D සහ 4K ලැපරොස්කොපි
තාක්ෂණය හඳුන්වාදීමත් සමග වෛද්‍ය තාක්ෂණයේ සැලකිය යුතු දියුණුවක් ඇතිවී ඇත අතර මෙමගින්
ලැපරොස්කොපි සැත්කම් ඉතාමත් නිවැරදිව සහ සිරුරට හානි අවම වන පරිදි ඉක්මණින් සිදු
කිරීමට වෛද්‍ය වරුන්ට හැකියාව ලැබෙනව. ඒ නිසා රෝගීන්ට ආරක්ෂිතව, අපේක්ෂිිත ප්‍රතිඵල
ලබා ගන්නා අතරම ඉතා ඉක්මණින් සුවය ලැබීමටත් අවස්තාව ලැබෙනව.
නවීන තාක්ෂණයෙන් සවිබලවූ රාගම
ලීසන්ස් රෝහල
වසර ගනනාවක් තිස්සේ ලැපරොස්කොපි තාක්ෂණය කාන්තා සැත්කම් වලදි අප යොදා ගන්නා අතර එම තාක්ෂණයේ නවතම මානය වන 3D ලැපරොස්කොපි පහසුකම දැන් රාගම ලීසන්ස් රෝහලේදී ඔබට ලබාගන්න පුළුවන්. ඔබත් කාන්තා රෝගයක් සඳහා ලැපරොස්කොපි සැත්කමකට භාජනය වීමට අපේක්ෂාවෙන් සිටීනම්, මෙම නවීන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ඔබේ සැත්කම වඩාත් ආරක්ෂිතව සහ නිවැරදිව සිදු කර ගැනීමට ඒ පිළිබඳව විශේෂඥ නිපුනතාවයකින් යුතු වෛද්‍ය වරෙයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON