කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියමිත දිනය ලෙස සාමාන්‍යයෙන් සලකනව. නමුත් මෙය 100%ක් නිවැරදි නැහැ.
දරුවෙක් මවු කුස තුල සිටින කාල සීමාව එක් එක් ගර්භණී කාලයට වෙනස් වෙනව. සාමාන්‍යයෙන් මෙය සති 37ත් 42ත් (දින 259 – 294) අතර කාලයක් වෙනව. ඒ නිසා ගණනය කිරීම මගින් ලබා ගන්න පුළුවන් වෙන්නෙ දරු ගැබට දින 280ක් නැතිනම් සති 40ක් වෙන දිනය පමණයි. නමුත් එම දිනයට පෙර හෝ පසු දරුවා බිහි වීමට ඉඩකඩ තිබෙනව.
සාමාන්‍ය ලෙස දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන මවකට අවසන් වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් වෙන දිනය ගණනය කරන්න සරල ක්‍රමයක් ජර්මානු ජාතික මහාචාර්ය වරයෙකු වූ Franz Karl Naegele (1778–1851) වසර 1830දී හඳුන්වා දී තිබෙනව. ඒ අනුව අවසන් වරට ඔසප් වූ දිනයට මාස 9ක් සහ දින 7ක් එකතු කිරීමෙන් දරුවා බිහි වීමට නියමිත දිනය ඔබට ම ගණනය කර ගන්න පුළුවන්.
උදා:
අවසන් වරට ඔසප් වූ දිනය = 2017 අප්‍රේල් 1
+1 year = 2018 අප්‍රේල් 1
−3 months = 2018 ජනවාරි 1
+7 days = 2018 ජනවාරි 8
එසේ නැති නම්
+ 9 months and 7 days = 2018 ජනවාරි 8
වෛද්‍ය වරු මෙම ගණනය කර ගැනීම පහසු වීම සඳහා pregnancy wheel ලෙස හඳුන්වන රෝදයක් වැනි උපකරණයක් භාවිතා කරනව ඔබ දැක ඇති. ඊට අමතරව මෙම ගණනය කර ගැනීම පහසු කර ගන්න පරිගණක මෘදුකාංග සහ mobile apps දැන් තිබෙනව. VOG.LK වෙබ් අඩවිය මගිනුත් පහත පිටුවට ගොස් බබා ලැබීමට නියමිත දිනය ගණනය කර ගන්න පුළුවන්.
ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දිනය ගණනය කිරීම මීට වඩා නිරවද්‍යයි. ඒ නිසා මුලින් ම කරන ස්කෑන් පරීක්ෂණයේ දී ඔසප් වීමට අනුව ලැබෙන දිනයට වඩා වෙනස් දිනයක් දරුවා ලැබෙන දිනය ලෙස අනුමාන කල හොත් එම දිනය නිවැරදි දිනය ලෙස ඉදිරියට සලකනව. ස්කෑන් පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර වෙනත් ලිපියක දැක්වෙනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON