Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර්, මට fibroids (6cm) 1ක් සහ තව පොඩි කිහිපයක් තියනවා කියලා ඩොක්ටර් කිව්වා. මාස 9ක් වගේ ප්‍රතිකාර කරා. ovidac 1000 injection 1 දෙපාරක් දුන්නා. ඒත් හරි ගියේ නැති නිසා අන්තිමට Duphaston 10mg දවස් 14කට දුන්නා. ඊළඟ මාසේ Myomectomy 1ට ලියලා තියනවා. Duphaston බොන්න පටන් අරන් 13 වෙනි දවසේ මට periods හැදිලා වගේ කළු පාටට පොඩ්ඩක් තිබුනා. ආයෙත් 14 වෙනි දවසේ මුකුත්ම තිබුනේ නෑ. මට අන්තිමට periods හැදුනේ ජූලි 27 වෙනිදා. ආයේ හැදෙන්න තිබුනේ අගෝස්තු 20. එදා පොඩ්ඩක් විතර periods හැදිලා වගේ තිබුනා. අගෝස්තු 21 වෙනිදා තමයි කළු පාටට වගේ ටිකක් තිබුනේ. ආයේ අගෝස්තු 22 මුකුත්ම නැති නිසා මං 22 වැනිදා strip 1ක් බැලුවා. එතකොට ඒක ලාවට positive line 1 පෙන්නුවා. ආයේ මං අගෝස්තු 23 strip 1ක් බැලුවම ඒක negative. අඩුම තරමෙ ලාවට වත් ඉරක් නෑ.. එහෙම වෙන්නේ ඇයි? බෙහෙත්වලටද?

අසන ලද්දේ: **** · 1 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය ධන ලෙස සලකන්නෙ ඉරි දෙකම එක ලෙස තද පැහැයෙන් පෙනේ නම් පමණයි. ලාවට පෙනෙන ඉරක් ovidac එන්නතේ අඩංගු hCG හෝමෝනය නිසා හෝ ඉතා මුල් අවස්ථාවේම නැවතුන ගැබ් ගැනීමක් නිසා වෙන්න පුළුවන්. සතියකින් නැවත පරීක්ෂණය කර බලා, සැත්කමට පෙර ඔබේ වෛද්‍ය වරයාට මේ බව දන්වන්න.