VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor.mam marry krpu kenek.marry krala masa 6k wenawa mata konde kakkumak saha yati bada wendanawak thibuna tika kaleka idan dan aka wadi marry karanna kalin idan thibune mehema w…
පරීක්ෂා නොකර මෙයට හේතුව පැවසීම අපහසුයි. ඔසප් වීමට ආසන්නව හෝ ලිංගික එක්වීමේදී වේදනාව වැඩි වේ නම් එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් වෙන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කර ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
Dr.man marry karala 1year wenawa.mage osap chacraya akramawath nisa vog kenek chanal karala beheth gaththa.masa 2k beheth bonna kiuwa.man babek hadanna asai.dan apita e gana hithan…
පුළුවන්. ඔසප් චක්රය අක්රමවත් නම් ඩිම්බ මේරීම සිදු වේදැයි පරීක්ෂා කර, අවශ්ය නම් ඒ සඳහා ප්රතිකාර ලබා ගත යුතුයි. දරුවෙකු බලාපොරොත්තු වෙන බව ඔබේ වෛද්ය වරයාට පවසන්න.
Mata OSAP vina sidu vanne bindu 2 Ka 3 Ka pamani ayata hethuva kumakda
ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්රමාණය අඩු වීම රෝග තත්වයක් නොවෙයි. එය ගැබ් ගැනීමටත් බලපාන්නෙ නැහැ. නමුත් ඔසප් වීම ප්රමාද වී බින්දු කිහිපයක් පමණක් පිට වුනා නම් ගැබ් ගෙන ඇතිදැයි මුත්රා පරීක්ෂා කර බලන්න.
matth sudayame ගැටලුවක් thibenw doctor.. hugak kettu wela .. qaaaaaa
සුද යාම සාමාන්ය තත්වයක්. කැසීමක් හෝ ගඳක් නැතිනම් එයට ප්රතිකාර අවශ්ය නැහැ. සුද යාම නිසා කෙට්ටු වෙන්නෙ නැහැ. කෙට්ටු වීමට වෙනත් හේතුවක් ඇතිදැයි වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Mensas date masa1i dawas7 parakkui ath strip negetive mn pregnant wela nedda doctor..
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් බොහෝ විට ඔබ ගැබ් ගෙන නැහැ. තහවුරු කර ගැනීමට සතියකින් පමණ නැවත උදෑසන මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔසප් වීම ප්රමාද වීමට හේතුව සොයා බැලීමට වෛද්ය වරයෙකු හමුවන්න.
Dr. මට මේ මස 9වන දින මෙන්සස් හැදුනා. මා ස්වාමියා හා 21 වන දින එක් වූ අතර මා හට නැවත 23 වන දින මෙන්සස් හැදුනා. එනම් නියමිත දිනට දින 14කට පමණ පෙර. දින තුනකින් අවසන් වුවද තවමත් විටින්…
ඔසප් වීම් දෙකක් අතර මෙලෙස සුළු රුධිර වහනයක් හෝමෝන වෙනස්වීම් නිසා සමහර විට සිදු වෙන්න පුළුවන්. එය දිගටම පවතී නම් හෝ ලිංගික එක්වීමට පසු නැවත රුධිර වහනයක් සිදුවේනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ,
My menses irrigular and its delay in 71days. This is highest delay in my periord . HCG strip also negative. Im getting T4 tablet and folic acid as well. Can you pls advice.
With a negative urine test pregnancy is unlikely; repeat it once more to be sure. In an irregular cycle a delay this long usually means ovulation has not happened, and a thyroid problem can cause that, so have your thyroid level rechecked by your doctor. If yo…
රජයේ රෝහල්වල ivf කරන්නෙ නැද්ද.කරනවනම් ඒ මොන රෝහලේද කියල දැන ගන්න පුළුවන් ද?
දැනට රජයේ රෝහල්වල IVF ප්රතිකාරය සිදු කරන්නෙ නැහැ. එය කල හැක්කේ පුද්ගලික අංශයේ ආයතනවල පමණයි. https://vog.lk/598-ivf.php