VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,මීට අවුරුදු 2කකටවිතර කලින් මට එක පාරට සෙම ගතියක් ආව.හුස්ම ගන්න අමාරුවක් වගෙත් ආවා.ඒ එක්කම යෝනි මාර්ගය කසන්න ගත්ත.සුද යාමත් අවා.මන් එහෙම කිසිම විදියක ලිංගික සම්බන්ධයක් නොපවත්…
ලිංගික සම්බන්ධතාවයක් නැතිවත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. එය ලිංගිකව බෝවෙන රෝගයක් නොවෙයි. පියයුරු වල වේදනාව බොහෝ විට හෝමෝන වෙනස්වීම් නිසා ඇතිවෙන සාමාන්ය දෙයක්. තන පුඩු වල කැසීම සමේ තත්වයක් විය හැකි නිසා වෛද්ය වරයෙකුට පෙන්වන්න.
doctor mama dan badala aurudu 2k wenawa thama babala na mage husband dinapatha math pan bawitha karanawa eka balapanawada babala nathi wenna hethuwa mokakda
දිනපතා මත්පැන් භාවිතය ශුක්රාණු වල තත්වය දුර්වල කරන්න පුළුවන් නිසා එය නතර කිරීම සුදුසුයි. නමුත් වසර දෙකක් ප්රමාද වී ඇති නිසා හේතුව දැන ගැනීමට දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම ස්වාමියාගේ ශුක්ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
doctor mama dan badala aurudu 2k wenawa thama babala na mage husband dinapatha math pan bawitha karanawa eka balapanawada babala nathi wenna hethuwa mokakda
දිනපතා මත්පැන් භාවිතය ශුක්රාණු වල තත්වය දුර්වල කරන්න පුළුවන් නිසා එය නතර කිරීම සුදුසුයි. නමුත් වසර දෙකක් ප්රමාද වී ඇති නිසා හේතුව දැන ගැනීමට දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම ස්වාමියාගේ ශුක්ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
Doctor මාගේ මාසික ඔසප් වීම අවසන් වරට සිදුවුනේ වසර 2කට පමන පෙර. එදිනට පසු තවම ඔසප් වීම සිදුවුනේ නැහැ. පිලියමක් කුමක්ද..
වසර දෙකක් ඔසප් වීම සිදු නොවීම සාමාන්ය තත්වයක් නොවෙයි. බර වැඩිවීම, PCOS, තයිරොයිඩ් හෝ වෙනත් හෝමෝන ගැටළු මෙයට හේතු වෙන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න.
Husmaganime apahasuwa.himoglobin aduweemak etha
හිමොග්ලොබින් අඩු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙන්න පුළුවන්. ඔසප් වීමේදී අධික රුධිර වහනයක් ඇතිනම් එය හිමොග්ලොබින් අඩු වීමට හේතුවක් විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී හේතුව සොයා බලා ප්රතිකාර ලබා ගන්න.
dr man dipo injection eka widda awrudu dekak agust 6 widinna thibbe eth mata widinna hambune na..agust 8 ekathu una..pregnant wenna awasthawak thinawada?ehema unanam tex ekak karan…
එන්නත දින කිහිපයක් ප්රමාද වූ පමණින් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. හැකි ඉක්මනින් ඊළඟ එන්නත ලබා ගන්න. සැකයක් ඇතිනම් එක්වීමෙන් සති 3කට පසු මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor , මට ගිය මාසේ mences හැදිලා ඉවර උනාට පසු, යෝනි තොල් අභ්යන්තර කැසීමක් ඇතිවිය.පසුව සම වියලී, සමේ ඉන්නන් මෙන් ඇතිවිය.ඒවා ඉවත් කල හැකි අතර රුධිරය ගලයි.නැවත එසේ වූ නිසා වෛද්ය ව…
මෙය දිලීර ආසාදනයක්, සමේ රෝගයක් හෝ වෛරස් ආසාදනයක් නිසා ඇතිවෙන ඉන්නන් විය හැකියි. පරීක්ෂා නොකර හරියටම කියන්න බැහැ. ක්රීම් වලින් සුව නොවන නිසා නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor,මම විවාහ වෙලා අවුරුදු 5යි.බබාලා නෑ.යොනි මාර්ගයෙන් සුදු පාට ශ්රාවයක් පිටවෙනවා.ඒත් කැසීමෙන් නෑ.ලිංගිකව එක් වීමේදී ශිෂ්නයේ සුදුපාට බිබිලි වගේ තියනවා.කසනවා.මද උණුසුම් වතුරෙන් ස…
කැසීමක් හෝ ගඳක් නැති සුදු ශ්රාවයක් සාමාන්ය තත්වයක්. නමුත් එක්වීමෙන් පසු ස්වාමියාට කැසීම සහ බිබිලි ඇති වෙනවා නම් දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.