Doctor,මීට අවුරුදු 2කකටවිතර කලින් මට එක පාරට සෙම ගතියක් ආව.හුස්ම ගන්න අමාරුවක් වගෙත් ආවා.ඒ එක්කම යෝනි මාර්ගය කසන්න ගත්ත.සුද යාමත් අවා.මන් එහෙම කිසිම විදියක ලිංගික සම්බන්ධයක් නොපවත්වපු කෙනෙක්.ඒ නිසා මට කිසිම බයක් තිබුනෙ නෑ ඩොක්ටර් ලිංගික ප්‍රශ්නයක් කියල.ඊට පස්සෙ ටික හතියට බෙහෙත් ගත්ත.ටික දවසක් යද්දි මගේ පියයුරු වේදනාවක් ආව.ඒ වගේම යෝනි මාර්ගය රතු වෙලා,පුස් වගේ බැදිල කසන්න ආව.ඒත් මන් බය උනේ නෑ ,මන් කිසිම විදියකින් සම්බන්ධයක් පවත්වපු නැති කෙනෙක් නිසා.කොටින්ම මම කිසිම කෙනෙක් එක්ක යාලු වෙලාවත් හිටියෙ නෑ.ඊට පස්සෙ මන් මේක ගැන අම්මට කිව්වම අම්මා කිව්ව ඕක දිලීර ආසාදනයක් කියල.ඊට පස්සෙ මන් doctorta කිව්වම "daktarin"කියන cream එකයි,penicillin පෙතියි දුන්න.ඒ ප්‍රතිකාර ටිකෙන් පස්සෙ යෝනි මාර්ගයේ කැසීම නැති උන.මට අසාමාන්‍ය විදියට සුද යන්නෙත් නෑ doctor.ඒ උනට මගේ යෝනි මර්ගය ආශ්‍රිතව සංවේදනයක් මට නිතරම දැනෙනව ,දැවිල්ලකුත් දැනෙනව.ඒ වගේම doctor ලොකුම අවුල තමයි ,මගේ පියයුරු වල වේදනාවක් සැරින් සැරේ එනව.ඔසප් දවස් වල විතරක් නෙමෙයි doctor.සැරින් සැරේ එනව.ඒ වගේම මගේ තන පුඩු වල අධික කැසීමක් ආව.මන් ඊට පස්සෙ මගේ පියයුරු හොදට සැලකිල්ලෙන් බලද්දි මන් දැක්ක ,තන පුඩු පැලිලා වගේ තියනව.මන් ගොඩක් මානසිකව වැටිලා මේ ගැන කල්පනා කරා.මොකද මන් ඉගන ගන්න ලමයෙක් doctor.මන් කිසිම විදියකින් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා නෑ doctor.මන් biology කරන ලමයෙක් විදියට මට මේ රෝග ලක්ෂණ එද්දී එක එක විදියෙ දේවල් හිතුන.මන් අම්ම,තාත්තගෙ රැකවරණය තුල ඉන්න ලමයෙක් නිසා,අම්මලත් මේක ගැන ලොකුවට හිතන්නෙ නෑ.මමත් මෙච්චර කල් මේක ගැන හිතුවෙ නෑ ඩොක්ටර්.මන් හිතුව මේක හෝමෝන wala unbalance එකක්වත්ද කියල.තව දෙයක් doctor ,මගේ කට කොන්,තොල් පවා කලෙකදි වණ වෙන්න ගත්ත.මන් ඉගන ගත්ත දේවල් අනුව නම් මට මේ රෝග ලක්ෂණ එද්දී හිතුනේ ලොකු දරුණු රෝගක් කියල.ඒත් doctor එහෙම රෝගක් හැදෙන්න කිසිම විදියක් නෑ doctor.මොකද රුධිර පාරවිලයනයක්වත් කරල නෑ මට.එතකොට එහෙම දරුණු රෝගක් හැදෙන්න කොහෙත්ම බෑනෙ doctor.මේ අතරම තව තව පොඩි පොඩි රෝග ලක්ෂණ ආව doctor.මගේ mussels රිදෙන්නත් ගත්ත.ගුද මාර්ගයෙත් සංවේදනයක් දැනෙන්න ගත්ත මට අසාමාන්‍ය විදියට සුද යන්නෙත් නෑ doctor.අසාමාන්‍ය කැසිල්ලකුත් නෑ.පිට වෙන discharge එකේ කිසිම ගන්ධයකුත් නෑ doctor.මේව වෙන කෙනෙක්ට කිව්වොත් වැරදි විදියට හිතන නිසා මන් මේ ගැන අවබෝධයක් නැති කිසිම කෙනෙක්ට කියන්න ගියේ නෑ.මට එක පිට ලෙඩ ගණ්නාවක් ආව ඩොක්ටර්.මගේ අස්ථි වල වේදනාවක් එන්නත් ගත්ත.ඊට පස්සෙ මන් අස්ථි සම්බන්ධ doctor කෙනෙක්ට පෙන්නුව.ඒ අතරෙම මන් කිව්ව මගේ යෝනි මාර්ගයේ කැසීමක් තියනව කියල.පියයුරු වේදනාවකුත් තියනව කියල කිව්ව.ඊට පස්සෙ doctor blood picture 1k අර ගෙන බැලුව.ඒකෙ තිබුන,bacterial infection ekk thynw kyl.ඉතින් ඊට පස්සෙ තමයි මට පෙනිසිලීන් ප්‍රතිජීවකය දුන්නෙ.ara kalin kiyapu daktari cream එකත් එක්ක.ඒ උනත් doctor mt මේ රෝග ලක්ෂණ සැරින් සැරේ මතු වෙනව.මන් ආයෙමත් doctor දැඩි විශ්වාසයෙන් කියන්නෙ කිසිම විදියක මොන යම් හෝ ආකාරයකවත් සම්බන්ධයක් තිබුනෙ නෑ.කොටින්ම මට ආදරේ කරන්න කෙනෙක් වත් හිටියෙ නෑ doctor.ඒකයි මන් මේ ගැන ගණන් නොගෙන හිටියෙ.ඒත් මේ රෝග ලක්ෂණ සැරින් සැරේ මතු වෙන නිස බයයි නෙ doctor.මන් ඒක නිසා හිතුව මේ ප්‍රශ්නය ගැන doctorgen දැන ගත්තොත් හොදයි කියල.මන් තාමත් A/l කරනව doctor.මේක මට ලොකු pesure එකක් හිතට.
ලිංගික සම්බන්ධතාවයක් නැතිවත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. එය ලිංගිකව බෝවෙන රෝගයක් නොවෙයි. පියයුරු වල වේදනාව බොහෝ විට හෝමෝන වෙනස්වීම් නිසා ඇතිවෙන සාමාන්‍ය දෙයක්. තන පුඩු වල කැසීම සමේ තත්වයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකුට පෙන්වන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?