Skip to main content
ප්‍රශ්නය

මම මේ වනවිට සති 38 ක ගැබිනි මවක්,මට සුදයාමේ තත්වයක් ගැබ් ගැනීමට පෙර සිටම තිබුනා,ඊට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගයෙන් ඇතුල් කරන පෙති මා මීට ඉහතදී ලබාගෙන ඇත,නමුත් මෙම තත්වය මට නිතර නිතර ඇති වේ, මේ වනවිට එය ඉතා ගනක්ම් කහපාටට හුරු සුදුපාටට පිටවේ,කැසීම් ස්වභායක්ද ඇත,මා නැවත පෙර ලබාගත් බෙහෙත් ලබා ගැනීම සුදුසුද, දරු ගැබට ගැටලු විය හැකිද.

අසන ලද්දේ: ප්*** · වයස 38

මෙය ගර්භණී කාලයේ සුලබ දිලීර ආසාදනයක් විය හැකියි. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් කලින් ගත් ඖෂධ තමන්ම නැවත භාවිතා නොකර ඔබේ සායනයේ වෛද්‍ය වරයාට මේ ගැන දැනුම් දී වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ප්‍රතිකාර ලබා ගන්න. ගර්භණී කාලයේදී දිලීර ආසාදන නැවත නැවත ඇති වීම සාමාන්‍ය දෙයක්.