Skip to main content
ප්‍රශ්නය

කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?

Itching is back: can I use Candid V6 again on my own?

මගේ යොනි මාර්ගය කසනවා.මම ගි මාසේ VOG Doctor කෙනෙක් චැනෙල් කරලා බෙහෙත් ගත්තා. මට Candid V6 ටැබ්ලට් එක දුන්නා දවස් හයක් පාවිචි කරන්න.එක කරලා කසන එක හොද වුනා.ඒත් දැන් සතියක ඉදන් ආයේ කසනවා.මම ආපහු ඒ Candid V6 දවස් හයක් පාවිචි කරාට ප්‍රශ්ණයක් නැද්ද

අසන ලද්දේ: R *** · වයස 32

නැවත නැවත ඇතිවෙන දිලීර ආසාදනයකට එකම ඖෂධය තමන්ම නැවත භාවිතා කිරීම සුදුසු නැහැ. ඊට හේතුව සොයා බැලීමට ස්‍රාව පරීක්ෂණයක් සහ සැමියාටත් ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවී උපදෙස් ලබා ගන්න.