Skip to main content
ප්‍රශ්නය

Doctor මගෙ යෝනි තොල් විශාල වීමකට ලක් වෙල තියෙනවා . එකක් නම් සාමන්‍ය විදියට තිබෙන නමුත් අනිත් එක තරමක් විශාලයි නිකන් ගෙඩියක් ඇති වෙලා වගේ මාස ගානක් ඒක එලෙසම තිබුනද මන් එය වැඩිය සැලකුවෙ නැත. නමුත් මෙ දවස් දෙක තුනකට පමන පෙර සිට එය රිදෙන්නට පටන් ගත්තා . එය අල්ලනවිට සාමන්‍යෙන් යෝනිතොල් මෘදු නිසා අතට දැනෙන දේට එඅඩා ඇතුලෙ.ලේ කැටයක් මෙන් දෙයක් අහුවෙනවා වගෙ කියලා මට හිතෙනවා එසේ අල්ලනවිට රිදෙනවා මෙය කුමන රෝගයක් වෙන්න පුලුවන්ද doctor

අසන ලද්දේ: Is*** · වයස 20

මෙය යෝනි විවරය අසල පිහිටි බාතොලින් ග්‍රන්ථියේ (Bartholin's gland) ඇතිවෙන ගෙඩියක් විය හැකියි. වේදනාව සමග විශාල වෙනව නම් එය ආසාදනයක් නිසා විය හැකියි. පරීක්ෂාවකින් තොරව හේතුව හරියටම පැවසීම අපහසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ඉක්මනින් පරීක්ෂා කරවා ගන්න.