Skip to main content
ප්‍රශ්නය

මම විවාහ වෙලා අවුරුදු අටක් වෙනවා. ඒ වගේම දැනට අවුරුදු දොළහක ඉඳන් රුමටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රෙඩ්නිසිලෝන් සහ වේදනා නාශක එක දිගටම ගන්නවා. මෑත කාලයක් වෙනකම්ම ව්ද්‍ය උපදෙස් මත බබෙක් හදන්න බලාපොරොත්තු වුණේ නැහැ. දැනට මාස ගණනාවක ඉඳන් මම බබෙක් හදන්න උත්සාහ ගත්තත් ඒ හැම අවස්ථාවකම මම අසාර්ථක වුණා. මගේ බර මුලින් කිලෝ 85 ක් තිබුණා. ආහාර පාලනය කරලා කිලෝ 74 දැන් අඩු කරගෙන තියෙන්නේ. මගේ මෙන්සස් නිවැරදිව දවස් 28 න් දිගටම හැදෙනවා. ඒ වගේම සරු කාලය ගැන මනා අවබෝධයකින් යුතුව මේ ගමන ආවේ. මට සාර්ථකව බබෙක් හදාගන්න පිළියමක් තිබේද?

අසන ලද්දේ: උත*** · වයස 26

සමහර වේදනා නාශක ඩිම්බ පිටවීමට බාධා කරන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන බව ඔබේ වෛද්‍ය වරයාට පවසා ඖෂධ ගැන සාකච්ඡා කරන්න. වසරක් උත්සාහ කලත් ගැබ් ගැනීමක් නොවුනොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.