VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,මම හස්බන්ඩ් සමග එකතු උනා අගෝස්තු 15 ඊට පසුව නැවත සැප්තැම්බර් 14 එකතු උනා අද සැප්තැම්බර් 20 ප්රෙග්නට් ටෙස්ට් එකකුත් කළා ගැබ් ගෙනත් නැහැ ඒ උනාට තාම අගෝස්තු 15න් පසු ඕසප් වීමක…
ඔසප් වීම පමා වී මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කරන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගැනීමක් නැහැ. මානසික ආතතිය, බර වැඩි වීම වැනි හේතු නිසාත් ඔසප් වීම පමා වෙනව.
doctor , Mma pregnant wla dn masa 2i.blead wnna wge wla vog kenek lgata gya.scan krma water bag eka wtrai tynne kiuwa.doctor kiuwa samaharawita baba tama hadila ntuwa ati kiyla.ntt…
එක් ස්කෑන් පරීක්ෂණයකින් එය කියන්න බැහැ. දින වැරදී තිබුණොත් දරුවා තවම නොපෙනෙන්න පුළුවන්. සතියකින් දෙකකින් නැවත ස්කෑන් කළ විට එය තහවුරු වෙනව. ලේ යාම වැඩි වුණොත් හෝ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
සර්,endometriosis තියෙනවා මට.විවාහ වෙලා වසර 5ක්.දරුවෙක් බලාපොරොත්තුවෙන් වෛද්ය ප්රතිකාර ලැබූවත් නිර්දේශ කලේ ඩිම්බ මෝරන පෙති හා ovidac injection තුන් වතාවක්. IUI තුන් වතාවක්,ඒත් අස…
ලැපරොස්කොපි සැත්කමක් මගින් එන්ඩොමෙට්රියෝසිස් ඉවත් කර, ඉන් පසු ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම තවත් ක්රමයක්. එය මෙතෙක් කර නැති නම් ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කරන්න. IUI නැවත නැවත අසාර්ථක වූ විට ඊළඟ පියවර IVF ප්රතිකාරයයි.
Mata ඔස්ප් වූවිට දැඩි වේදනාවක් ඇතිවෙනව mama එක් දරු මවක් නමුත් තවමත් ඔසප් වේදනාව ඇතිවෙනව ඔසප් වී 4වන දිනය වනවිට හිටිවනම හිරිවැටීමක් වැනි දරාගන්න බැරි වේදනාවක් යෝනි මාර්ගය දිගේ යටි…
ඔසප් වේදනාව දරාගත නොහැකි තරම් නම් සහ යෝනි මාර්ගයේත් වේදනාවක් තිබේනම් එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඒ සඳහා පරීක්ෂා කර ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම අවශ්යයි.
ඩොක්ටර් මට මෙන්සස් වුනේ ජූලි 25. අපි එකතු වුනා අගෝස්තු 1 වෙනිදා. මට අගෝස්තු මාසේ මෙන්සස් වුනේ නෑ.එදා මම පොස්ටිනෝර් 2 බිව්වා. මට තවම මේ වෙනකම් මෙන්සස් වුනේ නෑ. මම යූරින් ටෙස්ට් කලාම…
එක්වීමෙන් සති 3කට පසු කළ මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් නැහැ. පොස්ටිනෝර් නිසා ඔසප් වීම පමා වෙන්න පුළුවන්. තවත් මාසයකින් පමණ ඔසප් නොවුණොත් වෛද්ය වරයෙකු හමුවන්න.
පුතෙක් ලබාගැනීමට වෛද්ය විද්යාත්මක ක්රම තිබෙනවාද?
දරුවා ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙන්නෙ ඩිම්බය සමග එක්වන ශුක්රාණුවේ වර්ණදේහය අනුවයි. එය අහම්බෙන් සිදුවන්නක්; එක්වන දිනය, ආහාර හෝ ඖෂධ මගින් පුතෙකු ලැබීමට බලපෑමක් කරන්න බැහැ. https://vog.lk/762-baby-gender.php
Docter mata menses une 7,8,9,dinawala12,13wage ekuna et docter shukranu lingaya matha pitatha thawaruna ein gabganimak wiya hakida e keseda pahadili karala denwada docter
ශුක්රාණු යෝනි මාර්ගයේ විවරය අසල තැවරුණොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව, නමුත් ඒ ඉඩකඩ අඩුයි. ඔසප් වීම පමා වුණොත් මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
mage dimba koshaye gediyak tynwa kiwa giya mase man dan pregnant .mage babawa ain kataida dr.
නැහැ. ඩිම්බ කෝෂයේ ගෙඩියක් නිසා දරු ගැබ ඉවත් කිරීම අවශ්ය වෙන්නෙ නැහැ. බොහෝ ගෙඩි ඉබේම හැකිලී යනව; ස්කෑන් පරීක්ෂණ මගින් එය නිරීක්ෂණය කරනව. හදිසියේ එක පැත්තක දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.