Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට මෙන්සස් වුනේ ජූලි 25. අපි එකතු වුනා අගෝස්තු 1 වෙනිදා. මට අගෝස්තු මාසේ මෙන්සස් වුනේ නෑ.එදා මම පොස්ටිනෝර් 2 බිව්වා. මට තවම මේ වෙනකම් මෙන්සස් වුනේ නෑ. මම යූරින් ටෙස්ට් කලාම නෙගටිව් පෙන්නනවා. සාමාන්‍යයෙන් මගේ ඔසප් චක්‍රය ක්‍රමවත්. මෙහෙම වෙලාම නෑ. ජූලි 25 අන්තිමට මෙන්සස් වුනේ. අද සැප්තැම්බර් 21. තවම මෙන්සස් නෑ. මට මේ ගැන දැනගන්න පුලුවන්ද ඩොක්ටර්. මේ ගැන මට ගන්න අවශ්‍ය පියවර මොනවද ඩොක්ටර්

අසන ලද්දේ: ****

එක්වීමෙන් සති 3කට පසු කළ මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් නැහැ. පොස්ටිනෝර් නිසා ඔසප් වීම පමා වෙන්න පුළුවන්. තවත් මාසයකින් පමණ ඔසප් නොවුණොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.