Skip to main content
ප්‍රශ්නය

මම සහ මගේ හස්බන් අද ලිංගික්ව එකතු උනා. ශුක්‍රානු පිටවීමට පෙර එලියට ගත්ත. එත් මන් සෝදනකොට මගේ අතට ඇලෙන සුළු සුදු පාට දෙයක් ආව. ඒ ශුක්‍රානු තරලද. උපත් පාලන දේවල් භාවිතා කරන්නෙත් අපි අඩුවෙන්. මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්. මන් පොස්ටිනෝ බොන්න ඕන ද. ගැබ් ගැනීමක් වෙන්න පුළුවන් ද.හෙට දින උදේ ගත්තොත් ගැටළුවක් නැති ද

අසන ලද්දේ: Sh*** · වයස 23

පුළුවන්. ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු අඩංගු විය හැකියි. ගැබ් ගැනීමක් අවශ්‍ය නැති නම් හැකි ඉක්මනින් Postinor ලබා ගන්න. පසු දින උදෑසන ගත්තත් ගැටළුවක් නැහැ. නමුත් මෙය නිතර භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් නොවෙයි.