Skip to main content
ප්‍රශ්නය

කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I still get pregnant after Postinor when the condom broke?

doctor. මට සැප්තැම්බර් මස 13වනන දින ඔසප් වීම සිදුවිය.සැප්තැම්බර් 27වන දින ලිංගිකව එක්වීමකදී කොණ්ඩ ය ඩැමේජ් වී ගිය අතර මම පැය 12ක් ඇතුලත පොස්ටිනෝ පළමු පෙත්ත ගත් අතර ඊට පැය දොළහකට පස්සේ දෙවන පෙත්ත ද ගත්තා.ගැබ්ගැනීමක් සිදුවිය හැකිද

අසන ලද්දේ: Ek*** · වයස 32

පුළුවන්. Postinor මගින් ගැබ් ගැනීම් 80%ත් 85%ත් අතර ප්‍රමාණයක් වලක්වන නිසා 5 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ගැබ් ගන්නව. එය ක්‍රියා කරන්නේ ඩිම්බ පිටවීම ප්‍රමාද කිරීමෙන් පමණක් නිසා දින 28 ඔසප් චක්‍රයක දින 15දී, එනම් ඩිම්බ පිටවෙන දිනයට ආසන්නයේ ගත් විට අසාර්ථක වීමට ඇති හැකියාව වැඩියි. ඔසප් වීම සතියකට වඩා ප්‍රමාද වුණොත් හෝ ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.